අමෙරිකාවේ ප්‍රජාව තුළ ඔමික්‍රෝන් සම්ප්‍රේෂණය වීම ආරම්භ වෙලා

(ලංකාපුවත් | කොළඹ) – ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියේ දරුනුම බලපෑමට ද ලක්ව අඇති අමෙරිකාවේ ඔමික්‍රෝන් නවතම ප්‍රභේදය ආසාදිතයින්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඔමික්‍රෝන් ව්‍යාප්තියේ ආරම්භයත් සමග එරට රෝහල් පද්ධතිය යළි අර්බුදයකට ලක්වීමේ අවදානමකට ලක්ව ඇත.

අමෙරිකාවේ ප්‍රාන්ත 12කින් හඳුනාගැණුනු 20දෙනෙකුට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ. ඔවුන් කිසිවෙකුට නව ප්‍රභේදය ආසාදය වීමෙන් දරුණු රෝගාබාධ මෙතෙක් වර්ධනය වී ‍නොමැති බව සදහන්වේ. මෑතකදී දකුණු අප්‍රිකාවේ සංචාරය කළ පුද්ගලයින් මෙන්ම කිසිදු සංචාරයක නිරත නොවූ අයද ඒ අතර සිටින බව සදහන්වේ.

අමෙරිකානු බලධාරීන් සදහන් කරනුයේ ඔමික්‍රෝන් ප්‍රභේදය එරට ප්‍රජාව තුළ සම්ප්‍රේෂණය වීම ආරම්භ වී ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *