පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන සෙවීමට කමිටුවක්

(ලංකාපුවත් | කොළඹ) – පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීමට කමිටුවක් පත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කරන බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද අය වැය විවාදයට සහභාගී නොවීය. අය වැය විවාදයට සහභාගි වීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ද අද පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =