අවුන් සාන් සුකීට වසර 04ක සිර දඬුවම්

(ලංකාපුවත් | කොළඹ) – මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සුකිට වසර හතරක සිර දඩුවම් නියම කිරීමට එරට අධිකරණය පියවර ගෙන ඇත.

මියන්මාරයේ හිටපු නායක අවුන්සාන් සු කි ට එල්ල වී ඇති අනෙකුත් චෝදනාවලට වරදකරු වුවහොත් ඇයව වසර සියයකට අධික කාලයකට සිර දඩුවම් නියම වනු ඇති බවට විශ්ලේෂකයින් සදහන් කරයි. දැනට එල්ල වී ඇති චෝදනාවලට අමතරව තවත් චෝදනා යටතේ මියන්මාර හමුදා පාලනය ඇයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවද සදහන්වේ.

මේ අතර මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළ කරමින් පැවැත්වෙන ජනතා උද්ඝෝෂණවලට මේ වනවිට වසරකට ආසන්න කාලයක් ගත වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *