දකුණු ආසියාවේ හොඳම සහසම්බන්ධිත වරාය කොළඹ

(ලංකාපුවත් | කොළඹ) – UNCTAD සමුද්‍රීය ප්‍රවාහන සමාලෝචනයක් හෙළි කරයි.

කොළඹ වරාය දකුණු ආසියාවේ හොඳම සහසම්බන්ධිත වරාය බව එක්සත් ජාතින්ගේ වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ සමුළුව (UNCTAD) නිකුත් කළ නවතම සමුද්‍රීය ප්‍රවාහන සමාලෝචනයෙන් අනාවරණය කර තිබේ.

එම සමාලෝචනයට අනුව ලෝකයේ ප්‍රමුඛතම වරායන් දහයෙන් අටක්ම පිහිටා ඇත්තේද ආසියාවේ වන අතර, අනෙකුත් වරායන් දෙක යුරෝපයේ රොටර්ඩෑම් හා ඇන්ටවර්ප් වරායන්ය.

එම දර්ශකයට අනුව ලතින් අමෙරිකාවේ හා කැරිබියානු කලාපයේ හොඳම සහසම්බන්ධිත වරාය ලෙස කොලොම්බියාවේ කාටජිනා වරායත් උතුරු අමෙරිකාවේ හොඳම සහසම්බන්ධිත වරාය ලෙස නිව්යෝර්ක් / නිව්ජර්සි වරායත්, අප්‍රිකාවේ හොඳම සහසම්බන්ධිත වරාය ලෙස මොරොක්කෝවේ ටැන්ජර් මෙඩ් වරායත් නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *