බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 30 ඉක්මවයි

(ලංකාපුවත් | කොළඹ) – බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන තුන ඉක්මවා ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඊයේ (22) පුද්ගලයින් 147,745 දෙනෙකු සඳහා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමත් සමග එම මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 3,006,409 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02ක සම්පූර්ණ කළ පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාදීම පසුගිය ඔක්තෝබර් මස 21 වනදා ආරම්භ කෙරුණි.

පූර්ණ එන්නත්කරණයට ලක්ව මාස තුන සම්පූර්ණ වූ අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සඳහා මේ වන විට අවස්ථාව ලබා දී තිබේ.

පළමු හා දෙවන එන්නත් මාත්‍රා ලබාගත්තද කාලයත් සමග සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු වීම හේතුවෙන් 3 වන මාත්‍රාවක් ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *