ප්‍රියන්තගේ තැනට තවත් ශ්‍රී ලාංකිකයෙක්

(ලංකාපුවත් | කොළඹ) – පාකිස්තානයේ සියාල්කොට්හිදී කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව ඇති කම්හල් කළමනාකරු තනතුර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් පත්කිරීමට අදාළ කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ආරක්ෂක හේතුන් මත නව පත්වීම් ලැබූ පුද්ගලයා කවුරුන්ද යන්න තවමත් හෙළි කර නොමැත. පසුගිය 03වනදා ප්‍රියන්ත දියවඩන මහතා අමානුෂික ලෙස ඝාතනය කෙරිණි.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ලැබූ මාසික වැටුප ඒ ආකාරයෙන්ම ලබා දීමටත් ඔහුගේ දරුවන්ගේ සියලු වියදම් දැරීමටත් අදාළ කර්මාන්ත ශාලාව මේ වන විටත් පෙරොන්දු වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද 48 හැවිරිදි දෙදරු පියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා පකිස්ථානයට ගොස් තිබුණේ, මීට වසර 11 කට පෙරදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *