පුද්ගලික ආරක්‍ෂක සේවාව මගින් ජාතික ආරක්‍ෂාවට ලැබෙන සහයෝගය අතිමහත්

(ලංකාපුවත් | කොළඹ) – පුද්ගලික ආරක්‍ෂක සේවාව නැඟී එන ක්‍ෂෙත්‍රයක්වන අතර එය ජාතික ආරක්‍ෂාවට ද දායකවන බැවින් ඉන් ලැබෙන සහයෝගය අතිමහත් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

රටේආර්ථිකයට දායකවීමසහ පුරවැසියන් සඳහා විශේෂයෙන්මශ්‍රී ලංකාවේ සන්නද්ධ සේවාවන්හි සේවය කළ පුද්ගලයින් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අමතරව පසුගිය කාලය තුළ ආරක්‍ෂක අවශ්‍යතා පුළුල්පරාසයක් දක්වා විකාශනය වීමත් සමඟ රටේ ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහාපුද්ගලික ආරක්‍ෂකසමාගම් වැඩි දායකත්වයක් ලබාදෙන බවඔහු ප්‍රකාශකළේය.

ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් පසුගියදා (29) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා සපයන්නන්ගේ සංගමයේ ‘වාර්ෂික මහා සභා රැස්වීම- 2021’අමතමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරිමේ කොටස්කරුවන් ලෙස 150,000 කට ආසන්න පුද්ගලික ආරක්‍ෂක ආයතනවල සාමාජිකයින් එහි අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බව ජාතික ආරක්‍ෂාව සහතික කිරීමේ වගකීම දරණ ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔහු දැඩිව විශ්වාස කරන බවයි.

ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශනයේ ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛස්ථානය ලබාදී ඇති බව සඳහන් කරමින් ආරක්‍ෂාවසබැඳිව ආරක්‍ෂක ලේකම්වරයා වගකිව යුතු බවත්, ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන අණ, අධිකාරිය, වගකීම සහ වගවීම ද තමකර මත පවතින බවත් ඔහුපැවසීය.

ශ්‍රීලංකාවේ පුද්ගලික ආරක්‍ෂක සේවාවන්හි පුරෝගාමීන් අමතමින් ඔහු කියා සිටියේ, කොවිඩ්-19 වසංගතයහේතුවෙන් අත්විඳින වත්මන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙම ක්ෂේත්‍රයතුළ දියුණුවක් පෙන්නුම් කරන බවයි.

ව්‍යාපාර සහ ආයතන විසින් අවදානම් අවම කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් ඇතුළු විවිධ සාධක හේතුවෙන් මෙම වර්ධනය ලඟා කරගන්නා බව ඔහු පැවසීය.

ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාව සබැඳි කාර්යයන් ඉටුකිරීමේ දී බහු කාර්ය සහ තාක්‍ෂණය පිළිබඳ ප්‍රමාණවත් දැනුමවැනි මෙම කර්මාන්තය මුහුණ දෙන අභියෝග පිළිබඳව සඳහන් කරමින් ඔහු අවධාරණය කලේ, වඩා වගකීම් දැරීමට මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීම වැදගත් වන අතර එහිදී කුසලතා වර්ධනය තීරණාත්මක සාධකයක් බවට පත් වන බවයි.

දුර්වල ප්‍රතිලාභ, වන්දි නොමැතිකම, නිසි රක්‍ෂණ ප්‍රතිපත්තිනොමැතිකම සහ සේවකයින්ගේ වෘත්තීය සංවර්ධනයක් නොමැතිවීම මෙම ක්‍ෂෙත්‍රය දුර්වල වීමට හේතු වූ ප්‍රධාන කරුණු ලෙස දක්වමින් ආරක්‍ෂක සේවාවන්හි ගුණාත්මක බව තහවුරු කිරීම සඳහා එවැනි අඩුපාඩු අවම කිරීමට සුදුසුක්‍රියාමාර්ග ගන්නා ලෙස ජෙනරල් ගුණරත්න මහතා ඔවුන්හට යෝජනාකළේය.

තාක්‍ෂණයේදියුණුව සහ වැඩිවෙමින් පවතින ආරක්‍ෂක තර්ජනවලට මුහුණදීම සඳහා නවීන තාක්‍ෂණය, විශේෂිතආරක්‍ෂක පුහුණු ආයතනසඳහා යොමු වීමේ කාලීනඅවශ්‍යතාව ද ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සියලුම ආරක්‍ෂක සේවා සපයන්නන්ගේ ආයතනවලට සහය දැක්වීම සඳහා සහ රජය සමඟ ඔවුන්ගේ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා, රේඛීය අමාත්‍යාංශය ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය සහජාතික ආරක්‍ෂාව සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් යම් ප්‍රමිතීන් සකස් කර ඇති අතර, පුද්ගලික ආරක්‍ෂක ආයතන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නියාමනය කිරීම සහ මෙම ක්‍ෂෙත්‍රයේසහජීවනය සහ තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා සියලුම ආයතන මෙම රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ඔහු පැවසූයේ2022 වසරේ සිට වෙබ් අවකාශය මත පදනම් වූ ලියාපදිංචි කිරීමේ ක්‍රමයක්හඳුන්වා දෙන බවටතහවුරු කරමිනි.

සෞඛ්‍යආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති, නිලධාරීන් හා එහිසාමාජිකයින්ඇතුළු සම්භාවනීය ආරාධිතයින් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *