‘ආසියාවේ රැජන‘ට ඩුබායි ව්‍යාපාරිකයකුගෙන් කෝටි 2,000ක ලංසුවක්

(ලංකාපුවත් | කොළඹ) – ආසියාවේ රැජන ලෙස සැලකෙන මෙරටින් හමු වූ තනි ස්වාභාවික ‘නිල් මැණික‘ (බ්ලු සැෆයර්) මැණික සඳහා රුපියල් කෝටි 2,000ක් මිලක් ඩුබායි ව්‍යාපාරිකයකුගෙන් ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඩුබායි රටේ සිට පිරිසක් හෙට (06) මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මේ වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඩුබායිහි පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා එක්ව සිටී.

එම මැණික් ගලේ බර කිලෝග්‍රෑම් 310ක් වන අතර, එහි කැරට් 1,550,000ක් අඩංගු බවට වාර්තා වී ඇති අතර, මේ නිල් මැණික මේ වන විටත් ‘ආසියාවේ රැජන‘ ලෙස නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *