ඉන්දියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

(ලංකාපුවත් | කොළඹ) – ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ උදයිපූර් ප්‍රදේශයෙන් එරට පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය අද (05) වාර්තා වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති ලක්ෂ්මිනාරායන් නගර් නමැති පුද්ගලයා 73 හැවිරිදි වියේ පසුවිය.

දෙසැම්බර් 31 වන දින උදයිපූර් රෝහලකදී ඔහු මිය ගිය බවත් පසුව ඔහුගේ සාම්පල පරික්‍ෂා කිරීමේ දී ඔහුට ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වී තිබූ බව අනාවරණය කර ගෙන ඇතැයි සදහන්වේ.

පශ්චාත් කොවිඩ් නියුමෝනියාව හා සම්බන්ධ රෝග, දියවැඩියා රෝගය, අධි රුධිර පීඩනය සහ තයිරොයිඩ් ග්‍රන්ථිය හේතුවෙන් ඔහු මිය ගිය බව උදයිපූර් ප්‍රධාන වෛද්‍ය සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය දිනේෂ් ඛාරාඩි පවසා තිබේ.

මේවන විට ඉන්දියාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් 2,135 ක් වාර්තා වී ඇත. එහිදී වැඩිම ආසාදිතයින් පිරිසක් මහාරාෂ්ට්‍රයෙන් වාර්තා වී ඇති අතර ඒ රෝගීන් 653ක් ලෙසය. ඊට පසුව දිල්ලියෙන් රෝගීන් 464 ක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *