ඔමික්‍රොන් පරදවන IHU ප්‍රභේදය ප්‍රංශයෙන් සොයා ගැනේ

(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ඇති ජාන විකෘතිතාවන් අභිබවා යන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

IHU නමින් හඳුන්වන මෙම නව කොවිඩ් ප්‍රභේදය ජාන විකෘතිතා 46කින් සමන්විත වන බව ප්‍රංශ විද්‍යාඥයෝ වාර්තා කරති.

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 12 දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අප්‍රිකානු කලාපයක් වන කැමරූන්හි සංචාරය කර පැමිණි පුද්ගලයන් බවට ද වාර්තා වේ.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ලෝකයේ වෙනත් කිසිදු රටකින් වාර්තා වී නොමැති අතර ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී භයානක කොවිඩ් ප්‍රභේදයන් ඇතිවීමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

වේගවත් ලෙස සම්ප්‍රේෂණය වන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ගත වූ පැය 24ක කාලය තුළදී කොවිඩ් ආසාදිතයන් මිලියන 2.1ක් ගෝලීයව වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =