PCR පරීක්ෂණ අඩු කර නැහැ

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ කිසිදු ආකාරයකින් අඩු කර නැති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

දෛනිකව පී.සී.ආර්. හා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,000ක් පමණ කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට සිදු කරන බව ද ඒ මහතා කීය.

සමාජය තුළින් අහඹු ලෙස පුද්ගලයන් තෝරා ගනිමින් කොවිඩ් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිතයන් කිහිපදෙනකු මෙරටින් වාර්තා වූ බවත් ජනතාව නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් ඔමික්‍රොන් වයිරසයේ ව්‍යාප්තිය නොවැළැක්විය හැකි බවත් ඒ මහතා පැවසුවේය.

මහත් පරිශ්‍රමයක් යොදා මේ වන විට වයිරසයේ ව්‍යාප්තිය අවම කර ඇතැයි ද, නැවත වතාවක් වයිරසයේ ව්‍යාප්තියක් ඇති වුවහොත් රට බරපතළ අගාධයකට යා හැකි යැයි ද හෙතෙම පැවසීය.

නැවත වතාවක් කොවිඩ් ව්‍යාප්තියක් සිදුව රට වසා දැමීමක් සිදු වුවහොත් නැවත ආර්ථික පරිහානියකට යන්නේ යැයි ද ඔහු කීය.

කොවිඩ් ආසාදිතයන් 629ක් පෙරේදා (05) දින වාර්තා වූ බවත් ආසාදිතයන් 600ක් වාර්තා වූයේ දින 16කට පසුව බවත් වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *