තවත් ගෑස් නැව් දෙකක් මෙරටට

(ලංකාපුවත් | කොළඹ) – වෙළඳපොලේ ගෑස් හිඟවීමත් සමඟ පාරිභෝගිකයන් අපහසුතාවකට ලක්ව ඇති පසුබිමක තවත් ගෑස් නැව් දෙකක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මේ අතරින් එක් නෞකාවක ගෑස් ගොඩබෑම සඳහා මේ වනවිට අනුමැතිය හිමිව තිබෙන අතර ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 2,500ක් ගොඩබෑම සිදුවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඒ අනුව අදාළ නෞකා උස්වැටකෙයියාව ප්‍රදේශයේ නැංගුරම් ලා ඇති අතර නෞකාවලින් රැගෙන ආ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපලට නිකුත් කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශකර තිබෙන අතර මේ කාලයේ දී දෛනිකව ගෑස් සිලින්ඩර 70,000ත් 80,000ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොලට නිකුත්කළ බවද කියා සිටී.

බස්නාහිර පළාත තුළ පවතින ගෑස් අර්බුදය ඉදිරි දින 03 තුළදී අවසන් කිරීමට අපේක්ෂා කරන බවද මෙම දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් පවතින බවද එම සමාගම සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 18 =