ශ්‍රී ලංකාවට අවශ්‍ය මුළු එන්නත් ප්‍රමාණය ලැබී අවසන්

 

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් 19 වසංගතයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය මුළු කොවිඩ් එන්නත් ප්‍රමාණය ලැබී තිබෙන බව රජය අවධාරණය කරයි.

ඒ අනුව අවශ්‍ය මුළු කොවිඩ් එන්නත් ප්‍රමාණය සහ බූස්ටර් එන්නත ලබාදීම වෙනුවෙන් අවශ්‍ය සියලු එන්නත් ප්‍රමාණය මෙරටට ලැබී අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.

ඊයේ දිනය (09) වනවිට මෙරටට අවශ්‍ය සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය සහ බූස්ටර් එන්නතදීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලැබී තිබෙන අතර මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ස්පුට්නික්, සයිනොෆාම් සහ ෆයිසර් එන්නත් මුළු සංඛ්‍යාව හාරකෝටි අසූපන් ලක්ෂ හැටදහස් හාරසිය විසි හතරක් (48,560,424) බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ඇස්ට්‍රාසේනෙකා එන්නත 2,865,424ක්ද මොඩර්නා එන්නත් 1,500,000ක් ද ස්පුට්නික් එන්නත් 195,000 ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙන අතර සයිනෝ‍යාම් එන්නත් 26,000,000ක් සහ ෆයිසර් එන්නත් 18,000,000ක් ද ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම එන්නත්වලින් ලක්ෂ 68ක් පමණ ආධාර වශයෙන් ලැබුණු ඒවා බවද සඳහන් කරයි.

එක එන්නත් මාත්‍රාවක් සඳහා වියදම් කළ මුදල එක්සත් ජනපද ඩොලර් 5 ත් 7.5 ත් අතර වන බව පෙන්වාදෙන සභාපතිවරයා ස්පුට්නික් එන්නත හැර සියලු එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදනාගාරවලින්ම ලබාගැනීම මගින් ප්‍රමිතිය සියයට 100ක්ම තහවුරු කර තිබෙන බවද ඖෂධ නියාමන අධිකාරියේ විෂඥයන් සියලු දත්ත පරීක්ෂාවෙන් පසු එන්නත් සඳහා අනුමැතිය දුන් බවද කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =