ඩොලර් බිලියන 21.6 ක අපනයන ආදායමක්

(ලංකාපුවත් | කොළඹ) – පසුගිය වසරේදී ඩොලර් බිලියන 21.6 ක අපනයන ආදායමක් ලබා ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කරයි.

ට්විටර් සටහනක් තබමින් ඔහු කියා සිටියේ එය 2020 හා 2019 යන වසර දෙකටම වඩා ඉහළයාමක් බවයි.

2019 වසරේදී ලබා තිබූ අපනයන ආදායම ඩොලර් බිලියන 19.9 ක් වන අතර 2020 වසරේදී එය ඩොලර් බිලියන 16.1 දක්වා පහළගොස් තිබු බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *