දිවංගත හිටපු ඇමති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 69 වැනි ජන්ම දිනය සිහිකෙරේ

(ලංකාපුවත් | කොළඹ) – කෘතහස්ත දේශපාලනඥයෙකු වූ දිවංගත හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 69 වන ජන්ම දිනය අදට(11) යෙදී තිබේ.

එතුමාගේජන්ම දිනය සිහිකරමින් කටාන ජනජයගම බෝලවලාන ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්ථානයේදී පිංකම් රැසක් සංවිධාන විය.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ජන්ම දිනය නිමිත්තෙන් 2022.01.09 දින පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ජනජයගම, බෝලවලාන ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කයිකාවල ඥානකන්සි නායක ස්වාමීන් වහන්සේ විසින් බෝධි පූජාවක් පවත්වනු ලැබූ අතර කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ඉසිපතනරාමාධිපති, ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අමරපුර අඹහහපිටි පාර්ශවයේ අනුනායක ලේඛකාධිකාරී, ආචාර්‍ය මාදම්පාගම අස්සජි තිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් සුමදුර ධර්ම දේශනය පවත්වන ලදී. පසුදින මහා සංඝයා විෂයෙහි දහවල් දානය පිරිනැමීම සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතා, රිෂ්නි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *