Mr and Mrs Dingiri Rabbit; සතුටින් පිනුම් ගසන පොඩ්ඩන්ට

(ලංකාපුවත් | කොළඹ) –හාවන් ගැන කතා ලොව පුරා තිබුණත්, ළමුන්ට මින් පෙර ඕනෑම රටක, ඕනෑම පෙදෙසක, ඕනෑම හාවෙකුට ගලපාගත හැකි කතාවක් තිබුණේ නැත. හසිතා අධිකාරිආරච්චි ඇයගේ අලුත්ම කෘතිය වන Mr and Mrs Dingiri Rabbit කෘතියෙන් මේ අපූරු සුසංයෝගය ළමුන්ට රැගෙන එයි.

හොඳින් බැලුවහොත්, මේ කෘතිය සංස්කෘතික සම්මිශ්‍රණයකි. ඩිංගිරි යන නම ලාංකීය සංස්කෘතියේ එන නමක් වන අතර, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ආසියාතික ලක්ෂණ පෙන්නුම් කරයි. කතා බහ සහ කෑම බීම මඟින් ලොව අනෙක් දේශයන් වල ගති ලක්ෂණ සම්බන්ධ කරයි. Mr and Mrs Dingiri Rabbit සෑම ළමයෙකුටම තමන් දන්නා හඳුනන හාවන් ගැන ආදරයෙන් සිතන්නට පුහුණු කරයි.

හසිතා අධිකාරිආරච්චි

කිවිඳියක, නාට්‍ය රචිකාවියක, සහ කතුවරියක වන හසිතා අධිකාරිආරච්චි ශ්‍රී ලංකාවේ ඉපිද, දැනට ඕස්ට්‍රේලියාවේ වාසය කරයි. නිර්මාණශීලී පවුලකින් පැවත එන හසිතා, නැවත නැවතත් වචන හසුරුවන්නට ඇයට ඇති හැකියාව පෙන්නුම් කර ඇත. Mr and Mrs Dingiri Rabbit සරල වුවද වටිනා පාඩම් රැසක් අපට කියා දෙන කෘතියකි.

දිල්මි අමරසිංහ

අධිෂ්ඨානය, බලාපොරොත්තුව, නොපසුබට උත්සාහය, සහ අවශ්‍ය මොහොතක අමාරු තීරණ ගෙන අලුතින් ජීවිතය පටන්ගැනීම මෙයින් අපට කියා දෙයි. වියළි කාලගුණය නිසා ආහාර නොමැති වූ විට, අලුත් සරු බිමක් සොයා මොවුන් යන ගමන අභියෝග වලින් ගහණ නමුත්; ස්වභාවයෙන් බියසුළු යැයි අප සිතන හාවන් දෙදෙනෙකු නොපසුබට උත්සාහයෙන් ජයගන්නා ආකාරය ඉතා විශිෂ්ට වේ. නොසැලෙන උත්සාහය සහ දුරදක්නා නුවණ කෙනෙකුට සාර්ථක වීමට මගක් තනා දෙන බව අධිකාරිආරච්චි ළමුන්ට උගන්වයි. වැඩිහිටි අපටත් විටින් විට සිහි තබාගත යුතු මේ පාඩම තරම් ළමුන්ට කුඩා කල දීම කියා දිය යුතු තවත් පාඩමක් තිබේද!

දිල්මි අමරසිංහගේ අලංකාර තෙලිතුඩින් පොතේ සෑම පිටුවක්ම සැරසී ඇත. පොත පුරාවටම සරල, වර්ණවත් බස් වහරක් යොදා ගෙන ඇති අතර, අමරසිංහගේ සිතුවම් මේ සරල බව හොඳින් විදහා දක්වයි. සංකීර්ණ විද්‍යා පොතක එන හාවෙකුගේ චිත්‍රයකට වඩා, ළමුන්ට බලා ඇඳිය හැකි සරල හුරුබුහුටි හා යුවළක් අමරසිංහ නිර්මාණය කර ඇත. අනේකවිධ වර්ණවලින් වර්ණ ගැන්වී ඇති Mr and Mrs Dingiri Rabbit ළමුන්ව කුල්මත් කරනවාට සැක නැත.

Mr and Mrs Dingiri Rabbit ප්‍රකාශනයත් සමඟ Queen of Sea තමන්ගේ පුංචි පාඨකයන්ට ගුණාත්මක කෘති තෑගි කරන බව නැවතත් පසක් කර දී ඇත. මේ වසරේ ඔබගේ දරුවාට ලබා දිය හැකි වර්ණවත්, සුන්දර ත්‍යාගයකි Mr and Mrs Dingiri Rabbit කෘතිය.

Written by Lilani Dias

Leave a Reply

Your email address will not be published. Required fields are marked *