ඇතැම් ප්‍රදේශවල විදුලිය බිදවැටීමක් සිදුවිය හැකියි

(ලංකාපුවත් | කොළඹ) – දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (12) රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පවසයි.

කැලණිතිස්ස බලාගාරයේ පිහිටි පෞද්ගලික අංශයට අයත් විදුලි ජනන යන්ත්‍රයක ඇතිවූ දෝෂයක් ඊට හේතුව බව විදුලි බල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා කියා සිටියේය. ඒ අනුව අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකිය.

කෙසේ වෙතත් සිදුව ඇති දෝෂය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරන බව ද ඒ මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 7 =