කර්මාන්තකරුවන්ට බදු ඔප්පු ලබාදීමට කඩිනම් ජංගම සේවාවක්

(ලංකාපුවත් | කොළඹ) – කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුර තුල දැනට කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ආයෝජකයන්ට තම ඉඩම් සඳහා වන බදු ගිවිසුම් කඩිනමින් ලබාදීමේ ජංගම සේවාවක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරයි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම කඩිනම් ජංගම සේවය මඟින් කර්මාන්තපුර වල ඉඩම් ලබාගෙන එහි කර්මාන්ත පවත්වාගෙන යනු ලබන කර්මාන්තකරුවන් හට විවිධ ගැටළු හේතුවෙන් ප්‍රමාද වී තිබූ තම බදු ගිවිසුම් සකස්කර අවසන් කර එම බදු ගිවිසුම් කර්මාන්තකරුවන්ට ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වන විට කර්මාන්තපුර මට්ටමින් සිදු කරනු ලබයි.

මෙහිදී පළමුවෙන් බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති කර්මාන්තපුර වල සිටින කර්මාන්ත කරුවන්ගේ බදු ගිවිසුම් ලබාදීම සිදුකරන අතර, ඒ අනුව මේ වන විටත් කළුතර , මතුගම, හෝමාගම, රත්මලාන කර්මාන්තපුරවල සිටින කර්මාන්තකරුවන්ට තම ගැටළු නිරාකරණය කරගනිමින් තම බදු ගිවිසුම් ලබාගැනීමේ අවස්ථාව ලැබී ඇත.

කර්මාන්ත අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නගර සභාව, ප්‍රාද්ශිය සභාව වැනි රාජ්‍ය ආයතන වල සහභාගීත්වය ඇතිව මෙම මෙම ජංගම සේවාව පවත්වාගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *