සුහුරු පන්ති කාමර සංකල්පය වයඹ පළාතින් යථාර්ථයක් වෙයි

(ලංකාපුවත් | කොළඹ) –පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන “නිපුණතා උදානය” ජාතික වැඩසටහන පසුගියදා වයඹ පළාතින් ආරම්භ විය.

එම වැඩසටහනට සමගාමීව සිදුවන තවත් එක් ජාතික මෙහෙවරක් වූ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ස්ථාන 40ක ගොඩනැඟෙන සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය පළමුවරට වයඹ පළාතින් ආරම්භ කරන ලදී.

ඒ අනුව කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉදි වූ තාක්ෂණය උපයෝගී කරගත් දුරස්ථ අධ්‍යාපනය පහසු කරන සුහුරු පන්‍ති කාමරය පළමුවරට සිසු අයිතියට පත් කිරීම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මෙහි දී භාෂා ත්‍රිත්ත්වයෙන්ම අධ්‍යයන කටයුතු සිදු කෙරෙන අතර අන්තර්ජාල පුස්තකාල පහසුකම ( E – library), සෑම සිසුවෙක්ටම නොමිලේ 1TB දත්‍ත ගබඩා කිරීමේ පහසුකම (Cloud Storage)ඇතුළු පහසුකම් රැසක් නොමිලේ ලබා දීමට කටයුතු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *