පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට නව සාමාජිකයින් පත් කරයි

(ලංකාපුවත් | කොළඹ) –පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධාන සහ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සඳහා පත්කරන ලද සාමාජිකයින් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට දැනුම්දෙන ලදි.

මේ අනුව කථානායකවරයා සභාපතිවරයා ලෙස පත්වන අතර නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු තවත් සාමාජික මන්ත්‍රීවරුන් 21 දෙනෙකු මෙම කාරක සභාවේ සාමාජිකයින් ලෙස පත් වේ.

මෙහිදී අද දින සාමාජික මන්ත්‍රීවරුන් 20 දෙනෙකු කථානායකවරයා විසින් නම් කළ අතර ඉදිරියේදී තවත් එක් මන්ත්‍රීවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ. අද දින නම්කළ මන්ත්‍රීවරුන්ගේ නම් මෙසේය.

1. චමල් රාජපක්ෂ මහතා
2. නිමල් සිරිපාල ද සිල්වා මහතා
3. (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා
4. ඩග්ලස් දේවානන්දා මහතා
5. ඩලස් අලහප්පෙරුම මහතා
6. විමල් වීරවංශ මහතා
7. බැසිල් රෝහණ රාජපක්ෂ මහතා
8. මහින්ද අමරවීර මහතා
9. වාසුදේව නානායක්කාර මහතා
10. ප්‍රසන්න රණතුංග මහතා
11. එම්.යූ.එම්. අලි සබ්රි මහතා
12. ගයන්ත කරුණාතිලක මහතා
13. රවුෆ් හකීම් මහතා
14. අනුර දිසානායක මහතා
15. ඩිලාන් පෙරේරා මහතා
16. රිසාඩ් බදියුදීන් මහතා
17. ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
18. මනෝ ගනේෂන් මහතා
19. ජී. ජී. පොන්නම්බලම් මහතා
20. එම්. ඒ. සුමන්තිරන් මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *