(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුයැවීමේ උපායමාර්ග පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ ද උපදෙස් අනුවය.
ඒ අනුව පෙබරවාරි පළමු වැනිදා සිට 20 වැනිදා දක්වා ඔහු අදාළ ධූරයේ කටයුතු කරනු ඇති බව ද ක්‍රිකට් ආයතනය සදහන් කරයි.
ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, පළමු තරගය පෙබරවාරි 11 වනදා පැවත් වීමට නියමිතය.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් විස්සයි විස්ස සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙක් ඇතුළත් වන අතර එම සංචිතයේ උපනායකත්වය චරිත් අසලංකට හිමිව තිබේ.