Vantage ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඇගයීමට ලක්වෙයි

(ලංකාපුවත් | කොළඹ) – Vantage පසුගිය වසර 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර පසුගියදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ ඇගයීමකට ලක්විය. Vantage යනු Ebony Holdings සමාගමට අයත් සන්නාමයකි.

2022 ජනවාරි 20වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‘Monarch Imperial’ හිදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් Vantage වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල හවුල්කරු වශයෙන් මෙරට පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් Vantage ලබාදුන් සුවිශාල දායකත්වය අගයමින් මෙම සම්මානය පිරිනමන ලදි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Ebony Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රසීන් රහීම් මහතා මෙසේ පැවසී ය. “රටේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් නිෂ්පාදන සමාගමක් වශයෙන් අප ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග එක් වී, පාපන්දු ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනයන් සිදුකර තිබෙනවා. ලොව ජනප්‍රියම ක්‍රීඩාවක් වන පාපන්දු ක්‍රීඩාව රට තුළ දියුණු කිරීම සඳහා මෙලෙස දායක වීමට ලැබීම අපට මහත් සතුටක් හා ගෞරවයක්. අපගේ දායකත්වය මෙලෙස ඇගයීමට ලක්කිරීම පිළිබඳව අප ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ස්තූතිවන්ත වනවා. මෙම හවුල්කාරීත්වය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම අපගේ බලාපොරොත්තුවයි.”

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තවමත් දියුණු වෙමින් පවතින බවත්, ඒ සඳහා මූල්‍යමය වශයෙන් මෙන්ම තවත් නොයෙක් අයුරින් සහයෝගය ලබාදීම වැදගත් බවත් Ebony Holdings සමාගම විශ්වාස කරයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සමග මෙම ඇතිකරගත් හවුල්කාරීත්වය ඔස්සේ රටේ පාපන්දු ක්‍රීඩාව නගාසිටුවීමට දායක වීමට හැකිවීම පිළිබඳව එම සමාගම අතිශයින් සතුටු වේ.

Vantage යනු Ebony Holdings හි ප්‍රමුඛතම සන්නාම අතරින් එකකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම්
සමාගම් අතරින් එකක් වන එම සමාගම සතුව දීපව්‍යාප්ත බෙදාහැරීම් ජාලයක්ද පවතී. Vantage නාමයට
අමතරව, උසස් තත්ත්වයේ ඇඟලුම් සම්බන්ධයෙන් විශාල පිළිගැනීමක් හිමි Ebony සහ Luxure වැනි නාමයන්ද එම සමාගම සතු වන අතර, මේ සියල්ල ශ්‍රී ලංකාවේ පිරිමි ඇඟලුම් විලාසිතා සම්බන්ධයෙන් පුරෝගාමී නාමයන් ලෙස සැලකේ. උසස් ප්‍රමිතිය සහ විශිෂ්ටතම පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් එම සමාගම පාරිභෝගියකයන්ගේ නොමඳ පැසසුමට ලක්වී ඇති අතර, පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි, උසස්ම තත්ත්වයේ ඇඟලුම් හා විලාසිතා හඳුන්වා දීමට Ebony Holdings සෑම විටම කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *