ජනපතිගෙන් විශේෂ ට්විටර් සටහනක්‌

(කොළඹ, ලංකාපුවත්) – වගකීම් විරහිත දේශපාලන ආධාරකරුවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම තරයේ හෙළාදකින බවත්, ප්‍රචණ්ඩත්වය මගින් වත්මන් ගැටලුවලට විසඳුම් නොලැබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කරයි.

එමෙන්ම ජනාධිපතිතුමා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ සන්සුන්ව සහ පාලනයෙන් යුතුව කටයුතු කරන ලෙසය.

” දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්නන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිමු. ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලු විසඳන්නේ නැත.

සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස මම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි.

මේ අර්බුදය විසඳීමට සියලු දෙනාම එක්ව කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා” යැයි ජනාධිපතිවරයා සිය ට්විටර් නිවේදනයෙන් සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *