මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් නිවාස අහිමිවූවන්ට නිවාස ලබා දීම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් නිවාස අහිමිවූවන්ට නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාක්මක බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සදහන් කළේය.

යුද හමුදාව ප්‍රකාශ කළේ අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවය. අවට ප්‍රදේශය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ද අඛන්ඩව සිදුවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

මීතොටමුල්ල නායයාමෙන් නිවාස අහිමිවූවන්ට කඩිනමින් නිවාස ලබා දීම ආරම්භකරන ලෙස ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව එම වැඩපිළිවෙළට මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේය.

මීතොටමුල්ලේ කසල කන්ද නායයාමෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාක්මක කෙරෙන බවත් මීතොටමුල්ල අවට ප්‍රදේශය යතා තත්ත්වයට පත්කරන තුරුම ත්‍රිවිධ හමුදාව ක්‍රියාන්විතයේ නිරත වන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *