2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මුදල් ඇමතිට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ඊයේ(26) භාරදෙනු ලැබීය.

මුදල් අමාත්‍යාංශයේ දී එම කටයුත්ත සිදුවිය.

මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළග වසරේ අප්‍රේල් මස 30 වැනි දිනට පෙර මුදල් අමාත්‍යවරයා වෙත දැනුම් දිය යුතු වේ.

රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ ඊට අදාළ ගැටලු, අනුමාන සහ ඉලක්කයන් මෙම වාර්තාවට ඇතුළත්ය .

මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ 67 වැනි වාර්ෂික වාර්තාව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *