මෝල්ටා අගමැති හදිසි මහ මැතිවරණයක් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – මෝල්ටා රාජ්‍යයේ අග්‍රමාත්‍ය ජෝසෆ් මස්කට් හදිසි මහ මැතිවරණයක් කැඳවා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

ඔහුට නියමිත ධුර කාලය අවසන් වීටම තවත් වසරක් ඉතිරිව තිබියදී මේ තීරණය ගෙන ඇති බව වාර්තා වේ. අගමැති මස්කට් 2013 වසරේ දී මෝල්ටා රාජ්‍යයේ අගමැති ධුරයට පත්වූයේ ප්‍රබල බහුතරගයක් ලබා ගනිමිනි.

ඔහුගේ ධුර කාලයේ දී මෝල්ටාව ආර්ථික වශයෙන් සැලකියයුතු දියුණුවක් ලැබු බවට සැලකේ.

ආර්ථික වර්ධන වේගය 3.5% ඉක්මවීමට ඔහුගේ රජය සමත් වූ අතර විරැකියාව ඉතා පහළ අගයකට ගෙන ඒම ද විශේෂත්වයකි.

එසේ වුවත් අයථා ව්‍යාපාරික ගනුදෙනු සම්බන්ධයෙන් ඔහුගේ බිරියට චෝදනා එල්ල වීමට නිසා අගමැතිවරයාට එරෙහිව විරෝධතා පැනනැගුනි. නමුත් ඔවුන් දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *