(කොළඹ, ලංකාපුවත්) – යේමනයට බලපා ඇති කොළරා වසංගතයත් සමග හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යේමනයේ අගනුවර වන සානා හී දී කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.
කොළරා වසංගතය හේතුවෙන් දැනට පුද්ගලයින් 8,500ක් පමණ රෝගාතුර වී තිබේ.
අප්‍රේල් 27වනදා සිට මැයි 13වනදා දක්වා කාලය තුළ පුද්ගලයින් 115 දෙනෙකු පමණ වසංගතය හේතුවෙන් මියගොස් ඇති බව යේමන රතුකුරුස සංවිධානය පවසා ඇත.
මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කණ්ඩායම් කිහිපයක් යේමනයට යැවීමට ද කටයුතු කර ඇතැයි වාර්තා වේ. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යේමනයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් ආරක්ෂිත පානීය ජලය සදහා ප්‍රවේශ වි නොමැත.
වසරක් තුළ යේමනයට බලපෑ දෙවන කොළරා වසංගත තත්ත්වය මෙය වේ.
කොළරාව, අපිරිසිදු ජලය හා ආහාර මගින් බෝවන රෝගයකි. එහි රෝග ලක්ෂණ වන්නේ උග්‍ර පාචනය හා වමනයයි.