නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් ඉවත් කිරීම ඉදිරියටත්

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් පැමිණි පුද්ගලයින් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය ඉදිරියටත් කටයුතු කරන බව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

නීති විරෝධී අන්දමින් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ පුද්ගලයන් 13දෙනෙකු, අගෝස්තුමස 04වනදා යළි ශ්‍රී ලංකාවට පිටත්කර හැර තිබුණි.

මෙලෙස එවනු ලැබූ පුද්ගලයින් මෑතකදී අත්අඩංගුවට ගත් පිරිසක් නොවන බව ද ඕස්ට්‍රේලියා රජය සදහන් කරයි.

ඕස්ට්‍රේලියාවේ රැදී සිටීම සදහා නීත්‍යානුකූල පදනමක් නොමැති , පුරවැසියන් නොවන මෙම පිරිස් ඕස්ට්‍රේලියාවේ ආරක්‍ෂක බැදීම් සපුරාලීම සදහා අදාළ නොවන බව තහවුරු වී ඇත.

නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරන කිසිවෙකුට එහි පදිංචි වීමට ඉඩ නොලැබේ.

ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට උත්සාහ දරන ඕනෑම පුද්ගල ඡාවාරම් බෝට්ටුවක් අතුඅඩංගුවට ගෙන ආපසු හරහා යවන බව මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *