බන්ධනාගාර රැදවූවන්ටත් උසස් අධ්‍යාපන වරම්

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාරයේ නේවාසික රැඳවූවන් සඳහා විවෘත විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව ප්‍රවනතාවයක් වශයෙන් බන්ධනාගාර ගතව සිටින බන්ධනාගාර රැඳවූවන් පුනරුත්ථාපනය කිරීමේ නව පියවරක් ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ස්වාමිනාදන් මහතාගේ හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී.ධනසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

බන්ධනාගාරගතව සිටින නේවාසිකයින් යහපත් පුද්ගලයන් ලෙස සමාජගත කිරීමේ තවත් එක් අරමුණක් ලෙස ඔවුන්ගේ අධ්‍යානික දැනුම සහ කුසලතා වර්ධනය කිරීම, නිදහස් වීමෙන් අනතුරුව රැකියා අවස්ථාවන් සලසාදීම යන කරුණු මූලික කරගනිමින් මෙම සුවිශේෂී වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.

ඒ අතුරින් වඩාත්ම ප්‍රමුඛත්වය ලබාදෙමින් නේවාසික රැඳවියන්  සඳහා විවෘත විශ්ව විද්‍යාලය තුලින් උසස් අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් උපකුලපතිතුමා සමඟ සම්බන්ධවී මේ වන විට ආරම්භ කර තිබේ. මෙම විෂයයන් යටතේ කළමණාකරණය, ඉංග්‍රීසි භාෂාව, පරිගණක තාක්ෂණය, මනෝ විද්‍යාව, අලෙවිකරණය, මානව සම්පත් කළමණාකරණය, උපදේශනය යන උසස් අධ්‍යාපනික විෂයන් ද ඊට අමතරව පදනම් පාඨමාලාවන්, සතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, පශ්චාත් උපාධි පාඨමාලා හා ආචාර්ය උපාධි පාඨමාලා යන පාඨමාලාවන් වැනි උසස් අධ්‍යාපනය එම රැදවූවන් වෙනුවෙන් ලබා දීමට ද කටයුතු සිදු කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *