යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් රත්තරන් ඡාවාරමක

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී රත්තරන් කිලෝ ග්‍රෑම් 02ක් සමඟ යුධ හමුදා බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ බණ්ඩාරනායක ගුවන් තොටුපලේ සේවය කරන මෙම නිලධාරියා නීති විරෝධී අන්දමින් අදාළ රත්තරන් තොගය ගුවන් තොටුපලෙන් පිටතට රැගෙනයාමට උත්සාහ කිරීමේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බවය.

මෙම සැකකරු රාජ්‍ය බුද්ධි සේවාවට අයත් නිලධාරියෙක් නොවන බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරියෙක් බවත් සදහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *