අරුම පුදුම කැරට් අලය

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 84ක්වන කැනඩාවේ මාරි ග්‍රෑම් තම ස්වාමියා සමග විවාහ දිවියට ඇතුලත් වූයේ 1951 වර්ෂයේ එක වසන්තයේ දිනකදීය.

විවාපත් වී දරුවන් පවා ලද වයෝවෘද මාරි තම ජීවිතය ගත කරන අතර පසුකලෙක කාලය ගෙවා දැමීමට ගේ පිටුපස තිබූ තම සැමියාගේ කැරට් වගාවට නිතරම සාත්තු කරමින් කල් ගෙවුවාය.

2004 වර්ෂයේ දිනක ඇය කැරට් වගාවට සාත්තු කරමින් සිටියදී විවාහ දිනයේ තම ස්වාමියා පැළැන්ඳු ඉතා වටිනා මැණිකක් සහිත රන් මුදුව නැතිවී ඇති බව දුටුවා. ඒ වන විට ඇගේ වයස අවුරුදු 71 ක්. ඇය තනිවම එය දින කිහිපයක් තිස්සේ සෙවූ නමුත් ඇයට එය හමුවුයේ නැහැ. ස්වාමියා තමාට බනීවී යැයි සිතමින් ඔහුට නොකියා ඇය නැතිවූ මුද්දට සමාන බාල වර්ගයේ වෙනත් මුදුවක් සාදවා පැළඳ ගත්තේ වටිනා මගුල් මුදුව ගැන තිබූ සියලු බලාපොරොත්තු අත්හරිමිනි.

2017 අගෝස්තු මාසයේ ඇයට ඇගේ මිණිබිරිය දුරකථනයෙන් අමතමින් තම මගුල් මුදුව නැතිවුනාදැයි අසන විට , තැතිගත් ඇය “ඔව් එය එහෙම වුනා” යැයි කියා සුසුම් හෙළන විට දුරකථනයේ එහා කෙළවර සිටි මිණිබිරිය මහ හඬින් සිනාසී තිබුනා.

මාරි පුදුම කළ ප්‍රවෘත්තිය ඇගේ කනේ තැබූ මිනිබිරිය ඇය වෙත ආවේ මුදුව රැදී වැඩී තිබුනු කැරට් අලයද රැගෙනයි. තමා කැරට් වගාවේ ඵලදාව නෙලක විට මෙය හමුවූ බව වැඩිදුරටත් කියා තිබුනා.

තම ස්වාමියාට මෙය නැතිවූ බව නොකී නමුත් මෙම අරුම පුදුම සිද්ධියද පැවසීමට හැකියාවක් නොමැති වූයේ 2012 වර්ෂයේදී ඔහුද ජීවතුන් අතරින් සමුගෙන තිබීම හේතු කොටගෙනය.

වසර 13 කට පසුව ඇය එය නැවත පළදින්නේ තමාට තවමත් එය ඉතා වටිනා සමරුවක් බව කියමිනි.

 

නැතිවූ දා බලාපොරොත්තු අත් හැරියත් තමාට ලැබෙන්නට ඇති දෙයක් වේ නම් කෙසේ හෝ කවදා හෝ නැවත ලැබෙන්නට වරම් ඇති බව කැරට් අලයක රැදී මාරි වෙත නැවත ආ මගුල් මුදුව අපට පසක් කර දෙනවා.

(හසිත හේරත්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *