මධ්‍යධරණී මුහුදේ අතරමංවූ සංක්‍රමණිකයන් පිරිසක් බේරා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ලිබියා වෙරළාරක්ෂක හමුදාව මධ්‍යධරණී සාගරයේ අතරමංව සිටි සංක්‍රමණිකයන් 75 දෙනෙකු බේරා ගැනීමට සමත් ව තිබේ.

"මධ්‍යධරණී මුහුදේ අතරමංවූ සංක්‍රමණිකයන් පිරිසක් බේරා ගැනේ"

පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කථානයකගේ අත්සන

(කොළඹ, ලංකාපුවත්) – මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරු ජයසුරිය මහතා අද(12) දිනයේ අත්සන් කර ඇත.

"පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කථානයකගේ අත්සන"

උප රාජ්‍ය ලේකම් සහ මුදල් හා ජනමාධ්‍ය ඇමැති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා හා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

"උප රාජ්‍ය ලේකම් සහ මුදල් හා ජනමාධ්‍ය ඇමැති අතර හමුවක්"

ෆින්ලන්ත සාර්ථක නිල සංචාරය නිමවා අගමැති දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ෆින්ලන්තයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

"ෆින්ලන්ත සාර්ථක නිල සංචාරය නිමවා අගමැති දිවයිනට"

දුම්රිය වර්ජනය තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ(11) රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක කෙරේ.

"දුම්රිය වර්ජනය තවදුරටත්"

වසර දහයකට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට ස්ථාන මාරු

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වීම ඇනහිට තිබූ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වහා කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් අනුව, එකම ජාතික පාසලක වසර 10කට අධික කාලයක් සේවය කළ ගුරුවරුන් 12,000ක පිරිසක් අතරින් 3,000කට ආසන්න පිරිසක් හෙට(12) සිට වෙනත් ජාතික පාසල් වෙත මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

"වසර දහයකට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට ස්ථාන මාරු"

රජයේ සේවකයින් හා කලාකරුවන් සඳහා නිවාස 500ක්

(කොළඹ, ලංකාපුවත්) – ”නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය” යටතේ අංගොඩ රෝහල් පරිශ්‍රයේ අක්කර පහක භූමියක ඉදිකෙරෙමින් පවතින ඒකක 500කින් යුත් මහල් නිවාස සංකීර්ණයේ නිවාස මධ්‍යම පාන්තික රජයේ සේවකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයින්,සාමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත අලෙවි කිරීමට රජය තීරණය කර ඇත.

"රජයේ සේවකයින් හා කලාකරුවන් සඳහා නිවාස 500ක්"

වගකීම් නිසි ලෙස ඉටුනොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ ඛේදවාචකයක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – මහපොළවට සහ පරිසරයට වටිනාකමක් ලබාදෙමින් ඒ සඳහා වූ අද දවසේ වගකීම් නිසි ලෙස ඉටුනොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ මහත් ඛේදවාචකයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

"වගකීම් නිසි ලෙස ඉටුනොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ ඛේදවාචකයක් – ජනපති"

2020 දී ලොව උසම ගොඩනැගිල්ල

(කොළඹ, ලංකාපුවත්) – දැනට ලෝකයේ ඉදිකොට ඇති උසින් වැඩිම ගොඩනැගිල්ල වන්නේ ඩුබායිහි ඉදිකොට ඇති බුරාජ් කලීෆා ගොඩනැගිල්ල වේ. එහි උස මීටර් 828 කි.

"2020 දී ලොව උසම ගොඩනැගිල්ල"