හානිපූර්ණය – කාර්යාල පනත් කෙටුම්පතට කතානායක අත්සන

(කොළඹ, ලංකාපුවත්) –හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා අද(25) අත්සන් කර ඇත.

"හානිපූර්ණය – කාර්යාල පනත් කෙටුම්පතට කතානායක අත්සන"

වසර 10කට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණ වෙයි

(කොළඹ, ලංකාපුවත්) –වසර දහයකට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

"වසර 10කට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණ වෙයි"

බිම්බෝම්බ ඉවත් කිරීමට අමෙරිකාවෙන් මිලියන 600ක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සදහා අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 600 ක මුදලක් පිරිනමා තිබේ.

"බිම්බෝම්බ ඉවත් කිරීමට අමෙරිකාවෙන් මිලියන 600ක්"

ඩේව්න් බ්‍රාවෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක තුන් ඉරියව් ක්‍රීඩක ඩේව්න් බ්‍රාවෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනිම ඊයේ(24) නිවේදනය කර තිබේ. මේවන විට ඔහු 35වැනි වියෙහි පසුවේ.

"ඩේව්න් බ්‍රාවෝ අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි"

කෝලි, තෙන්ඩුල්කාර්ගේ වාර්තාව සියතට ගනියි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමට ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (24) විශාකාපට්නම්හිදී පැවැත්වුණු දෙවැනි එක්දින තරගයේදි සමත් විය.

"කෝලි, තෙන්ඩුල්කාර්ගේ වාර්තාව සියතට ගනියි"

කෂෝගි ඝාතකයන්ට දඬුවම් ලබාදෙන බවට සෞදි කුමරුගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව සෞදි කුමරු මොහොමඩ් බින් සල්මාන් එරට මාධ්‍ය වෙත සදහන් කර ඇත.

"කෂෝගි ඝාතකයන්ට දඬුවම් ලබාදෙන බවට සෞදි කුමරුගෙන් ප්‍රකාශයක්"

තලෙයිබාන් නායකයෙකුට පාකිස්ථානයෙන් නිදහස

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්ථාන අත්අඩංගුවේ සිටි තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු නිදහස් කර තිබේ.

"තලෙයිබාන් නායකයෙකුට පාකිස්ථානයෙන් නිදහස"

ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –රජයේ රෝහල්වල දැනට භාවිත කරන ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩි දියුණු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

"ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් වෙයි"

සමස්ත ලංකා පාසල් නාට්‍ය තරග සහතිකවලට විශ්ව විද්‍යාල ඇගයීම් ලකුණු

(කොළඹ, ලංකාපුවත්) – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ටවර් හෝල් රඟහල පදනම මගින් අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධව, වාර්ෂිකව දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයෙහි ජයග්‍රාහික ස්ථාන සඳහා ලබාගත් සහතික වෙනුවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ දී ඇගයීම් ලකුණු ලබාදීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් කටයුතු කරනු ලබයි.

"සමස්ත ලංකා පාසල් නාට්‍ය තරග සහතිකවලට විශ්ව විද්‍යාල ඇගයීම් ලකුණු"

නාලක ද සිල්වා අදත් CID එයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (25) පස්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

"නාලක ද සිල්වා අදත් CID එයි"