අයි.සී.සී.චැම්පියන්ස් කුසලානයේ නායකත්වය මැතිව්ස්ට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ පැවැත්වෙන ‘අයි.සී.සී.චැම්පියන්ස් කුසලානය’ ක‍්‍රිකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ(24) නම් කරන ලදි. එහි නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කර ඇත.

"අයි.සී.සී.චැම්පියන්ස් කුසලානයේ නායකත්වය මැතිව්ස්ට"

ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

"ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්"

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම පුළුල් කිරීමට වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

"පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම පුළුල් කිරීමට වැඩපිළිවෙළක්"

මීතොටමුල්ල වාර්තාව ජපාන විශේෂඥ කණ්ඩායම විසින් ජනපතිට භාර දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්විමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන්නේ ය.

"මීතොටමුල්ල වාර්තාව ජපාන විශේෂඥ කණ්ඩායම විසින් ජනපතිට භාර දෙයි"

රැකියා දස ලක්ෂයක් බිහිකිරිමට මහජන බැංකුවෙන් ස්වශක්ති ණය

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිරිනමන ස්වශක්ති ණය යෝජනා ක්‍රමයට මහජන බැංකුව සක්‍රීයව දායක වෙමින් මහජන බැංකුව සිය 730 කට අධික ශාඛා ජාලය මගින් ණය මුදල් නිකුත් කරයි. මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් ව්‍යවසායකයින් වෙත ණය මුදල් ප්‍රදානය කිරිම මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අතින් පසුගියදා නුවරඑළිය ශාඛාවේදි සිදුකෙරිණි.

"රැකියා දස ලක්ෂයක් බිහිකිරිමට මහජන බැංකුවෙන් ස්වශක්ති ණය"

ශ්‍රී ලංකාවට භූමිගත දත්ත සහ තොරතුරු පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ භූමිගත දත්ත සහ තොරතුරු ඇතුලත් ජාතික මට්ටමේ භුමිගත තොරතුරු යටිතල පහසුකම් පද්ධතියක් (Sri Lanka National Spatial Data Infrastructure) සකස් කෙරේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නිර්නායකයන්ට අනුව මෙම දත්ත පද්ධතිය සකස් කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.

"ශ්‍රී ලංකාවට භූමිගත දත්ත සහ තොරතුරු පද්ධතියක්"

ඌව පළාතේ ඩෙංගු මර්ධන වැඩ සටහන් අඛණ්ඩව පවත්වාගෙන යන්න පළාත් ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ඌව පළාතේ බදුල්ල, මොනරාගල දිස්ත්‍රික්කවල මේ වසරේ මාර්තු මස වන විට ඩෙංගු රෝගය අඩුවීමක් වාර්තාවීම තරමක ප්‍රගතියක්. එහෙත්, එම වැඩසටහන තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ එම්.පී.ජයසිංහ මහතා ආණ්ඩුකාරවර කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී පැවසිය.

"ඌව පළාතේ ඩෙංගු මර්ධන වැඩ සටහන් අඛණ්ඩව පවත්වාගෙන යන්න පළාත් ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්"

අගමැති සමග සාකච්ඡාවෙන් අනතුරුව තෙල් වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඛණිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ඔවුන් වර්ජනය අත්හැර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම් දීම අනුව ඔවුන් අරලිය ගහ මන්දිරයට පැමිණි අතර විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාද මෙම සාකච්ඡා සඳහා එක්ව ඇත.

"අගමැති සමග සාකච්ඡාවෙන් අනතුරුව තෙල් වර්ජනය අවසන්"

අගමැති ඉන්දියාවේ නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල කාර්ය සංචාරයක් සඳහා අද (25) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය. මෙම සංචාරයේ දී වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන අතර, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය ද හමුවනු ඇත.

"අගමැති ඉන්දියාවේ නිල සංචාරයක"

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ. ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒ බව පවසා ඇත.

"ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය අත්හිටුවයි"