තේ රබර් හැර ග්ලයිෆොසේට් තහනම අද සිට නැවත පැනවෙයි

(කොළඹ, ලංකාපුවත්) –සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට පසුගියදා ගැසට් පත්‍රයක් මගින් ලබාදුන් අවසරය අද (16) දිනයේදී යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

"තේ රබර් හැර ග්ලයිෆොසේට් තහනම අද සිට නැවත පැනවෙයි"

ලෝක වන සංරක්ෂණ කමිටුවේදී ජනපතිගෙන් විශේෂ දේශනයක්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය 14 දා සිට අද (16) දක්වා රෝමයේදී පැවැත්වෙන ලෝක වන සංරක්ෂණ කමිටුවෙහි 24 වන සැසිවාරයට සහ 6 වැනි ලෝක වනාන්තර සතිය සැමරුම් අවස්ථාවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙරේදා දහවල් රෝමය බලා පිටත්ව ගියේය.

"ලෝක වන සංරක්ෂණ කමිටුවේදී ජනපතිගෙන් විශේෂ දේශනයක්"

ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සුළුවශයෙන් වැඩිවීමක් ද අද(16) සහ හෙට (17) දින දක්වා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක්"

මරණ දඬුවම් නියම වු 18කගේ නම් අධිකරණය අමාත්‍යංශයට

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඞුවම නියම වූ රැදවියන්ගේ 18 කගේ නම් ලැයිස්තුව අධිකරණ අමාත්‍යංශයට යොමුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේය.

"මරණ දඬුවම් නියම වු 18කගේ නම් අධිකරණය අමාත්‍යංශයට"

ඉන්දියාවේ සහාය ඇතිව මේ වසර තුළ දී ව්‍යාපෘති කිහිපයක් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ සහය හා ආයෝජන ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතින් කිහිපයකම වැඩ කටයුතු මේ වසර තුළ දී ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් විජේ කේශව් ගෝක්ලේ මහතා සමග අද (13) පෙරවරුවේ පැවති සාකච්ඡාවේ දී අනාවරණය විය.

"ඉන්දියාවේ සහාය ඇතිව මේ වසර තුළ දී ව්‍යාපෘති කිහිපයක් අරඹයි"

පා.ම. විජයකලාගේ යාපන කථාව, ලිඛිතව ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කරන ලද ප්‍රකාශයේ පරිවර්තනය එම හඬපට පරික්ෂා කර දෙමළ භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් ලිඛිතව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රාජය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ට නියෝග කළේය.

"පා.ම. විජයකලාගේ යාපන කථාව, ලිඛිතව ඉල්ලයි"

නුතන පංච ප්‍රයාම ක්‍රීඩා සඳහා මිලියන 2.5 ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශරීරය හා මනස සමබර කිරීමේ ක්‍රීඩාවක් ලෙස නවීන තාක්ෂණය මුසුවූ “නූතන පංච ප්‍රයාම ක්‍රීඩාව“ (Modern Pentathlon) අපේ රටට ගැලපෙන බව පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

"නුතන පංච ප්‍රයාම ක්‍රීඩා සඳහා මිලියන 2.5 ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කරයි"

බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ විවෘත කෙරිණි.

"බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ"

කෝටි 06 කට අධික හෙරෝයින් අතහැර ගොසින්

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රිකුණාමලය සාම්පූර් ඉලක්කන්ද වෙරළ තීරයේ දමා ගිය හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 550ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

"කෝටි 06 කට අධික හෙරෝයින් අතහැර ගොසින්"

​පාසැල් දරුවන් සියල්ලන්ට පිරිසිදු පානීය ජලය

(කොළඹ, ලංකාපුවත්) – පාසැල් දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

"​පාසැල් දරුවන් සියල්ලන්ට පිරිසිදු පානීය ජලය"