අගමැති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (19) අලූයම දිවයිනට පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය. සිංප්පූරුවේ සිට පැමිණි ඊ කේ 349 දරණ යානයෙන් අලූයම 1.55ට පමණ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ ඇත.

"අගමැති යළි දිවයිනට"

බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන ජුනි 08 වනදා බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ මින් මොහොතකට පෙර නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

"බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්"

පොළොන්නරුවේ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපති සාකච්ඡා කරයි

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය මුවාවෙන් වගාකිරීම් නවතා තිබූ ගොවිබිම් නැවත වගා කිරීමට අවශ්‍ය කටයුතු සකසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පොළොන්නරු දිස්ත‍්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (18) පැවැති අතර එහිදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

"පොළොන්නරුවේ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපති සාකච්ඡා කරයි"

සෑම සමෘද්ධි බැංකුවකටම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1074 විසින් විමර්ෂණය කෙරෙන වැඩිහිටි දිවාසුරැකුම් මධ්‍යස්ථාන 1074 ක් 2017 වර්ෂය අවසන් වන විට ආරම්භ කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

"සෑම සමෘද්ධි බැංකුවකටම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්"

ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගත් බව විදෙස් වාර්තා සඳහන් කරයි. වංචා චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

"ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා අත්අඩංගුවට"

මීතොටමුල්ලේ වසංගත රෝග අවදානමක් පැතිරයයි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමඟ ප්‍රදේශයේ දරුවන්ට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරපාන ලබාදීමෙන් පාචනය හා බඩේ අමාරුව වැනි රෝග ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

"මීතොටමුල්ලේ වසංගත රෝග අවදානමක් පැතිරයයි"

මීතොටමුල්ලේ සිද්ධිය ගැන වියට්නාමයේ සංවේගය පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) –මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකේය ජනතාව සහ රජය වෙත සිය සාතීශය සංවේගය පළ කරන බව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ගුයෙන් ෆු ට්‍රොං (Nguyen Phu Trong) මහතා පැවසූහ.

"මීතොටමුල්ලේ සිද්ධිය ගැන වියට්නාමයේ සංවේගය පළ කරයි"

ජනපති නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය වැඳපුදාගනී

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17) ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය වැඳ පුදා ගත්තා. එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

"ජනපති නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානය වැඳපුදාගනී"

ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ ගනුදෙනු ඩොලර් බිලියනයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළෙඳ ගනුදෙනු ඉදිරි වසර කීපයේළ අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමටත්, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ සහයෝගීතාව වර්ධනය කිරීමටත් දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ.

"ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ ගනුදෙනු ඩොලර් බිලියනයක්"

අධිවේගයේ ආදයම් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකදි ඉපැයූ වූ වැඩිම ආදායම ඉකුත් ඉරිදා දිනයේ වාර්තා වී තිබේ. එම ආදායම රුපියල් මිලියන විසි එකයි දශම පහකි.

"අධිවේගයේ ආදයම් ඉහළට"