විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය

(කොළඹ, ලංකාපුවත්) – විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද(03) දැනුම් දෙනු ලැබීය.

"විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය"

ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය ප්‍රකාශ කරයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව අභියාචනාධිකරණය අද(03) ප්‍රකාශයට පත් කළේය.

"ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය ප්‍රකාශ කරයි"

ඉන්දියාවෙන් ඇමති අර්ජුනට උපහාර

(කොළඹ, ලංකාපුවත්) –තම සහෝදර ක්‍රීඩකයින්ගේ කැපවීමත් සහ තමන් ලබා දෙන උපදෙස් නිසිලෙස පිළිපැදීමත් ඕනෑම නායකයකුගේ සාර්ථකත්වයට බලපාන සාධක බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"ඉන්දියාවෙන් ඇමති අර්ජුනට උපහාර"

මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180න් අතුරින් ශ්‍රී ලංකාව 141වන තැනට

(කොළඹ, ලංකාපුවත්) – අදට යෙදෙන ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙන්නේ බොහෝ මාධ්‍යවේදින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවයි.

"මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180න් අතුරින් ශ්‍රී ලංකාව 141වන තැනට"

වර්ජනවලට මුහුණ දෙන්න සූදානම් – අමාත්‍ය රාජිත

(කොළඹ, ලංකාපුවත්) – රජය පෙරළා දැමීමේ අරමුණින් සිදු කරන වර්ජනවලට මුහුණ දීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"වර්ජනවලට මුහුණ දෙන්න සූදානම් – අමාත්‍ය රාජිත"

සැම්සුන් දොඹකරයක් කඩාවැටී හයක් මරුට – 20කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ සැම්සුන් සමාගම විසින් පවත්වාගෙන යන නැව් තටාංගනයක සිදු වූ දොඹකර අනතුරකින් පුද්ගලයන් 6 දෙනකු මියගොස් පුද්ගලයින් 20දෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

"සැම්සුන් දොඹකරයක් කඩාවැටී හයක් මරුට – 20කට තුවාල"

ප්‍රමිත වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් කී‍්‍රඩා, කර්මාන්ත, තරුණ කටයුතු, කාන්තා කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ධුරයට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

"ප්‍රමිත වෙනුවට තිළිණ බණ්ඩාර තෙන්නකෝන්"

වෙසක් පොහොයට සමගාමීව දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන වෙසක් පොහොයට සමගාමීව පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

"වෙසක් පොහොයට සමගාමීව දන්සැල් ලියාපදිංචිය ඇරඹේ"

වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – වීසා ක්‍රමවේදය කාලීනව සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

"වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්"

කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි

(කොළඹ, ලංකාපුවත්) –කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව, සිය වාර්තාව හෙට (04) පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.

"කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි"