පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනපතිගේ ඇගයීමට

(කොළඹ, ලංකාපුවත්) – 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීම සහ ඔවුන්ට සම්මාන සහ තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

"පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනපතිගේ ඇගයීමට"

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙක් ලග පොලිස් නිල ඇදුම් තිබී හසුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පොලිසියට අයත් නිල ඇදුම් කොටස්, නිල හැඳුනුම්පත් සහ ජීව උණ්ඩ ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත. මීගොඩ පොලිස් වසමේ දාමපේ, හොරකඳවිල ප්‍රදේශයේ නිවසකදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ(24) සිදු කළ වැටලීමකදී මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

"බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙක් ලග පොලිස් නිල ඇදුම් තිබී හසුවෙයි"

ටොරොන්ටෝ අනතුරින් මියගිය අය අතර ලාංකික කතක් සිටින බවට තොරතුරු නැහැ – විදෙස් අමාත්‍යංශය

(කොළඹ, ලංකාපුවත්) –කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් පසුගියදා සිදුවූ අනතුරින් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකිකයෙකු සිටින බවට තොරතුරු මෙතෙක් තහවුරු වී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

"ටොරොන්ටෝ අනතුරින් මියගිය අය අතර ලාංකික කතක් සිටින බවට තොරතුරු නැහැ – විදෙස් අමාත්‍යංශය"

වැලිගම සංචාරක කර්මාන්තය ගොඩ ගන්න ඇමති සාගල වැඩට බසී

(කොළඹ, ලංකාපුවත්) – වැලිගම ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රෙය් ඇති වී තිබෙන ගැටළු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම වෙනුවන් ඇතිකළ ප්‍රාදේශීය කමිටුව ව්‍යාපෘති කලමණාකරන, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී හෙට ( 26) සවස 04.30 ට පැවැත්වේ.

"වැලිගම සංචාරක කර්මාන්තය ගොඩ ගන්න ඇමති සාගල වැඩට බසී"

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගැටලූ ජනපතිගේ අවධානයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි.

"ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගැටලූ ජනපතිගේ අවධානයට"

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභීන්ට මුදල් ත්‍යාග ජනපති අතින්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා නිමාවූ 21වැනි පොදුරාජ්‍ය මණ්ලීය ක්‍රීඩා උළලේදී මෙතෙක් ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් ප්‍රමාණය ලෙස ඉතිහාසයේ නම රැන්දීමට උරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග ලබාදීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

"පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභීන්ට මුදල් ත්‍යාග ජනපති අතින්"

හොරණ කර්මාන්ත ශාලාවේ කළමනාකරු හා රසායනගාර පාලිකාව යළි රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා සිදුවු හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පස් දෙනෙකුට මරු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිතා බන්ධනාගාර ගත කර සිටින එහි කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලිකාව මෙම මස 27 වැනි දා දක්වා යළි බන්ධනාගාරගත කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

"හොරණ කර්මාන්ත ශාලාවේ කළමනාකරු හා රසායනගාර පාලිකාව යළි රිමාන්ඩ්"

වෙරළාරක්ෂක බළකා ජිවිතාරක්ෂකයින් ජීවිත 1000 බේරා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ ජීවිතාරක්ෂක කණ්ඩායම් ජීවිතාරක්ෂක කටයුතුවල තවත් වැදගත් සංධිස්ථානයක් කරා ළඟා වෙමින් මේ වනවිට ජීවිත 1000ක් බේරා ගැනීමට සමත්ව ඇත.

"වෙරළාරක්ෂක බළකා ජිවිතාරක්ෂකයින් ජීවිත 1000 බේරා ගනියි"

කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද සිට

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (25) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර සිටී.

"කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද සිට"

වසර 1300 ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් පේරු රාජ්‍යයෙන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – වසර 1300ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් කිහිපයක් පේරු රාජ්‍යයෙන් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් සොයා ගෙන තිබේ.

"වසර 1300 ක් ඉපැරණි මිනිස් අස්ථි කොටස් පේරු රාජ්‍යයෙන් හමුවෙයි"