ආරක්‍ෂක ලේකම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවිය.

"ආරක්‍ෂක ලේකම්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවෙයි"

නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ අමාත්‍යවරයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සහීඩ් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

"නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ අමාත්‍යවරයා දිවයිනට"

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ දැන වගකීම් පැහැර හැරී සැමට එරෙහිව ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහ ප්‍රහාරය දැන වගකීම් පැහැර හැරී පුද්ගලයන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග කඩිනම් කිරීම පිළිබඳව තම විශේෂ අවධානය යොමුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

"පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ දැන වගකීම් පැහැර හැරී සැමට එරෙහිව ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ජනපතිගේ අවධානය"

අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –ඔක්තෝබර් 07 දින සිට නොවැම්බර් 26 දින දක්වා කාලය තුළ මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට (1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා) අදාළ ව නීති විරෝධී ව නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.

"අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ නියෝගයක්"

ඉදිරි දින තුන ඇතුළත සිමෙන්ති මිල අඩු කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි දින තුන ඇතුළත සිමෙන්ති මිල අඩුකරන බව සමාගම් ප‍්‍රකාශ කරයි.

"ඉදිරි දින තුන ඇතුළත සිමෙන්ති මිල අඩු කෙරේ"

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දියතලාව සහ බණ්ඩාරවෙල අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ඊයේ (04) රාත්‍රියේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දියතලාවට සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

"උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා වෙයි"

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට වැඩබලන්න නිලධාරීන්

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය සංස්ථා ඇතුළු ආයතන සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කරන තෙක් වැඩ බැලීමට පිරිස් පත් කළ හැකි බව ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

"රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට වැඩබලන්න නිලධාරීන්"

කෘෂි නිෂ්පාදනය නංවන්න ජනපතිගෙන් ජනතාවට ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) –කෘෂිකාර්මික වගාවන් සඳහා අවශ්‍ය වර්ෂාව ලැබෙමින් යහපත් දේශගුණික තත්ත්වයක් උදා වී ඇති බැවින් 2019/ 2020 මාස් කන්නයට අදාළව බඩ ඉරිඟු, මුං ඇට, කවුපි වැනි භෝග මෙන්ම වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කරමින් ජාතික ආර්ථිකයේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි කිරීමට දායක වන ලෙසත් ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා රටින් ගලා යන විදේශ විනිමය රටේ ගොවි ජනතාවගේ ආදායම බවට පත් කර ගැනීමට කැපවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"කෘෂි නිෂ්පාදනය නංවන්න ජනපතිගෙන් ජනතාවට ඇරයුම්"

මැකොස මහමැතිවරණයට දින දෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව එළඹෙන මාර්තු 1 වැනිදා විසුරුවා හැරියහොත් අප්‍රේල් මස 25 සහ 26 දිනවල පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

"මැකොස මහමැතිවරණයට දින දෙයි"

සාග් කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන්-රිදී ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) –13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් සහ රීදී පදක්කම් ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

"සාග් කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන්-රිදී ශ්‍රී ලංකාවට"