චීන ණය සහ ආධාර යටතේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය ජනපති සොයා බලයි

(කොළඹ, ලංකාපුවත්) – චීන ණය සහ ආධාර යටතේ ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ අදාළ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

"චීන ණය සහ ආධාර යටතේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය ජනපති සොයා බලයි"

ගෑස් මිල නගියි – කිරි පිටි මිල පහතට

(කොළඹ, ලංකාපුවත්) – ගෑස් මිල වැඩි කරන ලෙසට ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින්, ගෘහස්ත ගෑස් සිලින්ඩරයක (12.5) මිල රුපියල් 195 කින් වැඩි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

"ගෑස් මිල නගියි – කිරි පිටි මිල පහතට"

කිලෝ 5000ක් මිලට ගන්න වී අලෙවි මණ්ඩලය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිල දී ගන්නා වී ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කැර ඇත.

"කිලෝ 5000ක් මිලට ගන්න වී අලෙවි මණ්ඩලය සූදානම්"

මාස 18කට පසු කොටස් වෙළඳපොලේ සීග්‍ර බැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – මාස 18 කට පසු, කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය, ඒකක 6000 ට වඩා අඩු අගයක් අද(18) වාර්තා කරයි.

"මාස 18කට පසු කොටස් වෙළඳපොලේ සීග්‍ර බැස්මක්"

ශ්‍රී ලංකාවේ විශාලතම ශීතාගාරය දඹුල්ලට

(කොළඹ, ලංකාපුවත්) –එළවලු සහ පලතුරු ගබඩා කිරීම සඳහා මෙරට ඉදිවන විශාලතම ශීතාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ඊයේ (17) ඉන්දීය රජයේ නියෝජිතයින් සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

"ශ්‍රී ලංකාවේ විශාලතම ශීතාගාරය දඹුල්ලට"

ආනයනික රෙදිපිළි මත පැනවූ වැට් බදු පහලට

(කොළඹ, ලංකාපුවත්) –ආනයනික රෙදිපිළි මත පැනවූ එකතුකළ අගයමත බද්ද සියයට 5 දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

"ආනයනික රෙදිපිළි මත පැනවූ වැට් බදු පහලට"

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංචාරක සත්කාරක කුඩා නිවහන් ඉඳි කිරීමට ණය

(කොළඹ, ලංකාපුවත්) – 2025 පොහොසත් රටක් බවට පත් කිරීමේ අරමුණින් යහපාලන ආණ්ඩුවේ 2017 අයවැයෙන් යෝජනා වූ පරිදි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ හෝම් ස්ටේ හරිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.

"එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංචාරක සත්කාරක කුඩා නිවහන් ඉඳි කිරීමට ණය"

ආයුර්වේද ඖෂධ රස බෙහෙත් නිෂ්පාදනයට කංසා ලබාගැනීමට නව වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) –ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය කංසා වගා කිරිම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

"ආයුර්වේද ඖෂධ රස බෙහෙත් නිෂ්පාදනයට කංසා ලබාගැනීමට නව වැඩපිළිවෙළක්"

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීනයේ ප්‍රවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීනයේ තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසුගියදා(11) බෙයිජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණ.

"ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය චීනයේ ප්‍රවර්ධනයට පියවර"