කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් දේශීය කර්මාන්ත කරුවන්ට විදේශීය පුහුණු සඳහා ආධාර

(කොළඹ, ලංකාපුවත්) – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මුම්බායි හි ඉන්දියානු ඇසුරුම් ආයතනය (Indian Institute of Packaging) විසින් පවත්වනු ලබන ඇසුරුම් නිර්මාණකරණය හා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ නිපුනතා සංවර්ධන පාඨමාලාව හැදෑරීම සඳහා දේශීය කර්මාන්තකරුවන් ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

"කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් දේශීය කර්මාන්ත කරුවන්ට විදේශීය පුහුණු සඳහා ආධාර"

ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථික විනිවිදභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් තව දුරටත් පුළුල් කිරීමට අමෙරිකානු වාණිජ මණ්ඩලය එකඟත්වය පළ කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

"ශ්‍රී ලංකාවට අමෙරිකානු වාණිජ මණ්ඩලයෙන් පැසසුම්"

රැකියා දස ලක්ෂයක් බිහිකිරිමට මහජන බැංකුවෙන් ස්වශක්ති ණය

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව පිරිනමන ස්වශක්ති ණය යෝජනා ක්‍රමයට මහජන බැංකුව සක්‍රීයව දායක වෙමින් මහජන බැංකුව සිය 730 කට අධික ශාඛා ජාලය මගින් ණය මුදල් නිකුත් කරයි. මෙම වැඩපිළිවෙල ආරම්භ කරමින් ව්‍යවසායකයින් වෙත ණය මුදල් ප්‍රදානය කිරිම මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අතින් පසුගියදා නුවරඑළිය ශාඛාවේදි සිදුකෙරිණි.

"රැකියා දස ලක්ෂයක් බිහිකිරිමට මහජන බැංකුවෙන් ස්වශක්ති ණය"

වරාය අධිකාරිය රු. බිලියන 11 ක ඓතිහාසික ලාභයක් උපයයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2015 වර්ෂයට සාපේක‍ෂව 2016 වර්ෂයේ දී සියලූ බදු ගෙවීම් වලින් පසු 83%ක ලාභයක් ලබා ඇත. එය රු. බිලියන 11ක් වූ අතර, ඉන් බිලියන 02ක් අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කිරීම තුළින් උපයාගෙන ඇත. මේ හේතුවෙන් අන් කවර වසරකටත් වඩා වැඩි ප්‍රසාද දීමනා මුදලක් සියලූ සේවක මහත්ම මහත්මීන් වෙත ලබාදීමට හැකියාව ලැබිණි.

"වරාය අධිකාරිය රු. බිලියන 11 ක ඓතිහාසික ලාභයක් උපයයි"

වරාය අධිකාරියට අයත් J C T OIL BANKහි 2016 වසරේ ලාභය සියයට 113කින් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව – JCT Oil Bank) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව සියයට 113කින් වර්ධනය වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"වරාය අධිකාරියට අයත් J C T OIL BANKහි 2016 වසරේ ලාභය සියයට 113කින් ඉහළට"

සෑම සමෘද්ධි බැංකුවකටම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1074 විසින් විමර්ෂණය කෙරෙන වැඩිහිටි දිවාසුරැකුම් මධ්‍යස්ථාන 1074 ක් 2017 වර්ෂය අවසන් වන විට ආරම්භ කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

"සෑම සමෘද්ධි බැංකුවකටම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්"

ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ ගනුදෙනු ඩොලර් බිලියනයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළෙඳ ගනුදෙනු ඉදිරි වසර කීපයේළ අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමටත්, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේ සහයෝගීතාව වර්ධනය කිරීමටත් දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟත්වය පළ කළහ.

"ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ ගනුදෙනු ඩොලර් බිලියනයක්"

අවුරුද්දට මාළු දෙන්න සංස්ථාවෙන් අලෙවි සැල් 20ක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මහජනතාවට අලුත් මාළු මිල දී ගැනීම සඳහා, ලංකා ධීවර සංස්ථාව විසින් නව අලෙවි සැල් 20ක් අලුතෙන් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

"අවුරුද්දට මාළු දෙන්න සංස්ථාවෙන් අලෙවි සැල් 20ක්"

අලූත් අවුරුද්දට මහජන බැංකුවෙන් තිළිණ

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලූත් අවුරුදු ගනුදෙනු චාරිත්‍රයට නව අරුතක් එක්කරමින් 1973 වසරේදී බැංකුව සමග ගනුදෙනුකිරීමේ සම්ප්‍රදාය හඳුන්වාදුන් මහජන බැංකුව සිරිත් පරිදි මෙවරද අලූත්  අවුරුදු ගනුදෙනු සඳහා දිවයින පුරා පිහිටි මහජන බැංකුවේ සියලූම ශාඛා අප්‍රේල් මස 17 සදුදා පෙරවරු 8.30 සිට විවෘත කිරිමට පියවර ගෙන තිබේ. 

"අලූත් අවුරුද්දට මහජන බැංකුවෙන් තිළිණ"

අවුරුද්දට සතොසින් රුපියල් 540ක් අඩුවෙන් බඩු මල්ලක්‍ එයි

(කොළඹ, ලංකාපුවත්) – උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සතොස අලෙවිසැල් හරහා මහජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් 1515ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රුපියල් 975 ක මිලකට ලබාදීමටයි පියවර ගෙන ඇත.

"අවුරුද්දට සතොසින් රුපියල් 540ක් අඩුවෙන් බඩු මල්ලක්‍ එයි"