2020 වන විට අපනයන ඉහළ නැංවීමේ සැලසුම් ගැන ඇමති සුජිව සේනසිංහ කියයි

(කොළඹ, ලංකාපුවත්) – වසර 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා අපනයන ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව අන්තර්ජාතික වෙළෙදාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහත සදහන් කරයි. අමාත්‍යරවයා මේ අදහස් පළ කළේ ‘තායිලන්ත සතිය’ වෙළෙද ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට පසුගියදා එක්වෙමිනි. තායිලන්ත සතිය වෙළෙද ප්‍රදර්ශනය බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ තායිලන්ත වෙළෙද ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ සංවිධාන කෙරෙන්නේ පළමු වරටයි. තායිලන්ත තානාපති චූලාමනී චර්සුවාන් මහත්මිය ද සමාරම්භක අවස්ථාවට එක්විය. එහිදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා…

"2020 වන විට අපනයන ඉහළ නැංවීමේ සැලසුම් ගැන ඇමති සුජිව සේනසිංහ කියයි"

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර දෙගුණ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු සංවර්ධන බැංකුව මඟින් ශ්‍රී ලංකාවට සපයනු ලබන බහු කාර්ය සංවර්ධන ආධාර මෙම වසරේ සිට දෙගුණ කර තිබේ. එම බැංකුව මඟින් ණය සපයනු ලබන ප්‍රධාන ක්‍රමවේද දෙක ඒකාබද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2017 වසර සිට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 800-1000 ක් අතර මුදලක් ලැබෙනු ඇත.

"ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර දෙගුණ කෙරේ"

ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රයට ලෝකයේ අවධානය යොමුවෙලා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම ඉතා වැදගත් බවත් මෙම කටයුත්තේ දී ලෝකයේ බොහෝ රටවල් ලංකාවට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන අතර වර්ථමානය වන විට ලෝකයේ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි අවධානය දිනා ගැනීමට ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රය සමත්වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

"ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණික ක්‍ෂේත්‍රයට ලෝකයේ අවධානය යොමුවෙලා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්"

මෑතකාලීන වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායකයි – මහ බැංකු අධිපති

(කොළඹ, ලංකාපුවත්) – මෑතකාලීන වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක තත්ත්වයක පවතින බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

"මෑතකාලීන වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායකයි – මහ බැංකු අධිපති"

නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ආයතනවල පුහුණුවන පිරිස ලක්‍ෂ 02 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ ඇති ආයතන හරහා මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් පුහුණු කිරීම සිදු කරන අතර ම ඉදිරියේ දී එම ප්‍රමාණය ලක්ෂ 02ක පමණ මට්ටමකට ගෙනයා හැකි නම් ඉතා වැදගත් වන බවත් එමෙන් ම පාඨමාලා සංඛ්‍යාව යම් පමණකට වැඩි කිරීමට කටයුතු කළ යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් පී. රණේපුර මහතා පැවසීය.

"නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ආයතනවල පුහුණුවන පිරිස ලක්‍ෂ 02 දක්වා ඉහළට"

සෞදි අරාබි කුමරු හා විදේශ කටයුතු ඇමති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – නිල සංචාරයක් සඳහා අද (04) දිවයිනට පැමිණි සෞදි අරාබියානු අබ්දුල් අසීස් අල් සෞද් කුමරු හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ(04) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

"සෞදි අරාබි කුමරු හා විදේශ කටයුතු ඇමති අතර හමුවක්"

ආයෝජකයන්ට හා අපනයනකරුවන්ට වඩාත් හිතකර බදු ප්‍රතිශෝධන ක්‍රියාත්මක කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – අපනයනය පාදක කරගත් ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරන බැවින් ආයෝජකයන්ට හා අපනයනකරුවන්ට වඩාත් හිතකර බදු ප්‍රතිශෝධන ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

"ආයෝජකයන්ට හා අපනයනකරුවන්ට වඩාත් හිතකර බදු ප්‍රතිශෝධන ක්‍රියාත්මක කිරීමට පියවර"

වසර 2020 දී කුරුඳුවලින් හොඳ ලාභයක් ලැබීමට සැළසුම්

(කොළඹ, ලංකාපුවත්) – කුරුඳු අපනයන ආදායම වසර 2020 වන විට ඩොලර් බිලියනය දක්‌වා වැඩි කර ගැනීමට අපේක්‍ෂා කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

"වසර 2020 දී කුරුඳුවලින් හොඳ ලාභයක් ලැබීමට සැළසුම්"

ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සදහා සුදුසු ප්‍රදේශ නම් කිරීමට නාරා ආයතනය පියවර ගනී

(කොළඹ, ලංකාපුවත්) – ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සදහා සුදුසු ප්‍රදේශ නම් කිරීමට නාරා ආයතනය පියවර ගෙන ඇත.

"ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සදහා සුදුසු ප්‍රදේශ නම් කිරීමට නාරා ආයතනය පියවර ගනී"

ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග මෙරට ආර්ථිකය ශක්තිමත් කර ඇති බව ලෝක බැංකුව කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග මෙරට ආර්ථිකය ශක්තිමත් කර ඇති බව ලෝක බැංකුව සදහන් කරයි.

"ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග මෙරට ආර්ථිකය ශක්තිමත් කර ඇති බව ලෝක බැංකුව කියයි"