ජාතික ආරක්ෂකයා “ජනශක්ති කොවිඩ් ගා(ර්)ඩ් “

(කොළඹ, ලංකාපුවත්) – පවත්නා වසංගත තත්ත්වය නිසා ඇතිවන අවිනිශ්චිතතාවයන්ට සාර්ථකව මුහුණ දීම තුළින් ජාතියේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ජනශක්ති රක්ෂණ සමාගම “ජනශක්ති කොවිඩ් ගාඩ්” නමින් කාලීන රක්ෂණාවරයක් හදුන්වාදෙයි. මෙම නව්‍ය රක්ෂණ විසඳුම මූල්‍ය ස්ථාවරත්වය මෙන්ම ජීවිත ආරක්ෂණය ලබා දෙන අතර පාරිභෝගික අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ලබා දිය හැකි ය.

"ජාතික ආරක්ෂකයා “ජනශක්ති කොවිඩ් ගා(ර්)ඩ් “"

ශ්‍රීලංකන් කේටරින් වෙතින් විශේෂ පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) –බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට අද පෙරවරුවේ COVID-19 වෛරස ආසාධනය වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබද ශ්‍රීලංකන් කේටරින් වෙතින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

"ශ්‍රීලංකන් කේටරින් වෙතින් විශේෂ පැහැදිලි කිරීමක්"

ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේදී සිදුවිය.

"ඩොලර් බිලියනයක් වටිනා කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අත්සන් තබයි"

Uber මෝටර් රථ හා ත්‍රිරෝද රථ 1,500 කට අධික සංඛ්‍යාවක ආරක්ෂක තිර සවිකරයි

(කොළඹ, ලංකාපුවත්) –Uber සේවාවන් සමග එක්වී සිටින මෝටර් රථ හා ත්‍රිරෝද රථ 1,500 කට අධික සංඛ්‍යාවක රියදුරා සහ මගීන් අතර පූර්ණ, විනිවිද පෙනෙන ප්ලාස්ටික් තිර සවිකිරීමට පසුගියදා කටයුතු කරන ලදි. දැනට පවතින COVID-19 වසංගත රෝග තත්ත්වය හමුවේ ගනු ලබන ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදුකර තිබේ. මෙම ආරක්ෂක තිර ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අනෙකුත් සේවාවන් වෙතද ව්‍යාප්ත කිරීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතී.

"Uber මෝටර් රථ හා ත්‍රිරෝද රථ 1,500 කට අධික සංඛ්‍යාවක ආරක්ෂක තිර සවිකරයි"

DFCC බැංකුව ICRA Lanka Limited වෙතින් “[SL] AA- (ස්ථාවර)” ශ්‍රේණිය හිමිකරගනී

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ICRA Lanka Limited වෙතින් “[SL] AA- (ස්ථාවර)” ශ්‍රේණිය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ICRA Lanka සමාගම යනු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර හිමි ණය ශ්‍රේණිගත කිරීම් නියෝජිත ආයතනයක් වන අතර එය ඉන්දියාවේ ICRA Limited හි පූර්ණ හිමිකාරීත්වය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. Moody’s Investors Service සමාගම එහි වක්‍ර බහුතර කොටස් හිමිකරුවා වෙයි.

"DFCC බැංකුව ICRA Lanka Limited වෙතින් “[SL] AA- (ස්ථාවර)” ශ්‍රේණිය හිමිකරගනී"

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් රජය ගෙනා අයවැය යෝජනා පැල්වත්ත සමාගම අගයයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් හි දේශීය කිරි කර්මාන්තය ඇතුළු දේශීය ආහාර නිෂ්පාදනය හා නගා සිටුවීම වෙනුවෙන් කර ඇති යෝජනාවන් පිළිබඳ සිය ප්‍රසාදය පල කර සිටි. ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්ගේ ආර්ථික අභිවෘද්ධිය සහ මහජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් පැල්වත්ත සමාගම ඉටු කරනු ලබන මෙහෙවරට මෙමගින් තවදුරටත් සහය හිමි වනු ඇති බවට සමාගම විශ්වාසය පල කරයි.

"කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් රජය ගෙනා අයවැය යෝජනා පැල්වත්ත සමාගම අගයයි"

මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව නව නිවහනකට

(කොළඹ, ලංකාපුවත්) –මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ නව ගොඩනැගිලි සංකීර්ණය ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) දින විවෘත විය.

"මීගමුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව නව නිවහනකට"

‘ශ්‍රීලංකන්’ සිංගප්පූරුව සහ මැලේසියාව වෙත ගුවන් ගමන් වැඩි කරයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රීලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සිට සිංගප්පූරුව දක්වා මගී ගුවන් ගමන් වාර සතියකට තුන් වරක් දක්වා ඉහළ දැමීමට කටයුතු යොදා ඇති අතර 2020 දෙසැම්බර් මස 18 වන දින සිට එම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

"‘ශ්‍රීලංකන්’ සිංගප්පූරුව සහ මැලේසියාව වෙත ගුවන් ගමන් වැඩි කරයි"

ශ්‍රීලංකන් ගුවන් සේවය තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම දිනා ගනියි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද ‍ Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම(2021 Four Star Major Official Airline)දිනා ගන්නා ලදී . මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ මෙම ගෞරවනීය සම්මානය වසර 41 කට වැඩි කාලයක් සේවය කරන ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමි වූ අතර මෙම සම්මාන උළෙල 2020 දෙසැම්බර් මස 9 වන දින පැවැත්විණි.

"ශ්‍රීලංකන් ගුවන් සේවය තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම දිනා ගනියි"

INSEE Ecocycle සමාගම මෙරට විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය සඳහා තිරසාර කළමනාකරණ විසඳුමක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – අග්නිදිග ආසියාතික කලාපයේ දැවැන්තම සිමෙන්ති නිෂ්පාදකයා වන සියාම් සිටි සිමෙන්ට් (ලංකා) සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන INSEE Ecocycle Lanka පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ භාවිත කර ඉවත දැමූ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුමක් සැපයීමට පසුගියදා සමත්විය.

"INSEE Ecocycle සමාගම මෙරට විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය සඳහා තිරසාර කළමනාකරණ විසඳුමක් හඳුන්වා දෙයි"