ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික වෙබ් අඩවිය ලෙසින් ප්‍රයිම් සමූහයේ වෙබ් අඩවිය කිරුළු පළඳි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම ශ්‍රී ලංකාවේ ICRA [A] – Stable ශ්‍රේණි ලත් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ එකම සමාගම වන ප්‍රයිම් සමුහය 10 වන වරටත් සංවිධානය කෙරුණු BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය.

"ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික වෙබ් අඩවිය ලෙසින් ප්‍රයිම් සමූහයේ වෙබ් අඩවිය කිරුළු පළඳි"

නවලෝක රෝහල JCI ප‍්‍රමිතිකරණයෙන් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) –නවලෝක රෝහල විසින් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර ප‍්‍රමිතිය යළිත් ඇගයීමට ලක් වෙමින් ජාත්‍යන්තර JCI (HOSPITAL ACCREDITATION FROM JOINT COMMISSION INTERNATIONAL)ප‍්‍රමිතිකරණය හිමි කර ගැනීමට නවලෝක රෝහල සමත් වී ඇත. රන් මුද්‍රාවකින් සහතික කෙරෙන මෙම ප‍්‍රමිතිකරණය හරහා ජාත්‍යන්තර තත්වයේ සුවසේවාවක් ලබා දෙනු පිණිස නවලෝක රෝහල දක්වන කැපවීම මනාව පිළිබිඹු කෙරේ.

"නවලෝක රෝහල JCI ප‍්‍රමිතිකරණයෙන් පිදුම් ලබයි"

කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණ කිරීමේ අවස්ථාවට අගමැති එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණයවූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද (17) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත් විණි.

"කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණ කිරීමේ අවස්ථාවට අගමැති එක්වෙයි"

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය

(කොළඹ, ලංකාපුවත්) –සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක් එක්කරමින්, සූර්ය කෝෂ සදහා බැටරි නිපදවීම දේශීය වශයෙන් සිදුකිරිමට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

"සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය"

දේශීය රබර් ආශ්‍රීත කර්මාන්ත දියුණු කිරීම සඳහාවූ රාජ්‍ය මැදිහත් වීමක්

(කොළඹ, ලංකාපුවත්) –වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ශ්‍රී ලංකා රබර් ලේකම් කාර්යාලය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ රබර් භාණ්ඩ සංවර්ධන හා සේවා මධ්‍යස්ථානය එක්ව රබර් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින වැඩසටහනක් සංවිධාන කර ඇත.

"දේශීය රබර් ආශ්‍රීත කර්මාන්ත දියුණු කිරීම සඳහාවූ රාජ්‍ය මැදිහත් වීමක්"

ලොව සිහින්ම ලැප් ටොප්පරිගණක දැන් ශ්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) – ASUS වෙතින් ZenBook Classic මාදිලියේ අතට ඉතාමත් පහසු අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ නවතම ZenBook 13 (UX325) සහ ZenBook 14 (UX425) ලැප්ටොප් පරිගණක දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.

"ලොව සිහින්ම ලැප් ටොප්පරිගණක දැන් ශ්‍රී ලංකාවේ"

බේකරි හිමියන්ට අඩු මිලට බිත්තර

(කොළඹ, ලංකාපුවත්) –සියළුම බේකරි හිමියන්ට රුපියල් 16.50 ක මිලකට බිත්තර ලබාදීමට සමස්ත ලංකා බිත්තර හිමියන්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ.

"බේකරි හිමියන්ට අඩු මිලට බිත්තර"

රසායනික පොහොර නිසා තුවාල වුණු භූමිය කාබනික පොහොර යොදා සුවපත් කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම මහපොළොවේ යතාර්ථයක් කිරීම සදහා සියළුදෙනාගේ දායකත්වය අවශ්‍ය බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. එම ප්‍රතිපත්ති මාලාවේ ඇති පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය ඇති කිරීම කඩිනම් කළ යුතු බවට ආණ්ඩුකාරවරිය කීවාය.

"රසායනික පොහොර නිසා තුවාල වුණු භූමිය කාබනික පොහොර යොදා සුවපත් කළ යුතුයි"

මාස තුනක් තුළ සියැට් යතුරු පැදි ටයර් නිෂ්පාදනය 85% කින් වර්ධනය කරයි

(කොළඹ, ලංකාපුවත්) –රජය විසින් පනවා ඇති තාවකාලික ආනයන සීමාකිරීමේ කි‍්‍රයාවලියට ප‍්‍රතිචාර දක්වමින් දේශීය ඉල්ලූම සපුරාලීම සඳහා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෙරට යතුරු පැදි ටයර් නිෂ්පාදනය මාස තුනක කාලයක් ඇතුළත 85% කින් වර්ධනය කර ඇති බව නිවේදනය කර ඇත.

"මාස තුනක් තුළ සියැට් යතුරු පැදි ටයර් නිෂ්පාදනය 85% කින් වර්ධනය කරයි"

HNB සමූහය පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 5.5ක බදුපසු ලාභයක් වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – HNB සමූහය කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ පෙර නොවූ විරූ බාධා මධ්‍යයේ 2020 පළමු අර්ධය සඳහා 2019 එම කාලයට සාපේක්ෂව 6.8%කින් වැඩි වී රුපියල් බිලියන 5.5ක බදුපසු ලාභයක් සහ හැටන් නැෂනල් බැංකුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 4.5ක් වාර්තා කරමින් ක්ෂේත‍්‍රයේ ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත.

"HNB සමූහය පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 5.5ක බදුපසු ලාභයක් වාර්තා කරයි"