“දිරියට හෙටක්” බස්නාහිර පළාත් ස්වයංරැකියා නියුක්තිකයින්ගේ තොරතුරු හා දුරකථන නාමාවලිය ජනපතිට පිළිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල විසිරි සිටින ස්වයංරැකියා නියුක්තිකයන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටලුවකට විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවාවන් අලෙවි කර ගැනීම සඳහා උපකාරි වන්නා වූ අලෙවිකරණ සහ ප්‍රචාරණ යාන්ත්‍රණය හඳුන්වාදෙන “දිරියට හෙටක්” ව්‍යාපෘතිය යටතේ සකස් කෙරුණු තොරතුරු හා දුරකථන නාමාවලිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

"“දිරියට හෙටක්” බස්නාහිර පළාත් ස්වයංරැකියා නියුක්තිකයින්ගේ තොරතුරු හා දුරකථන නාමාවලිය ජනපතිට පිළිගන්වයි"

මත්ස්‍ය ආනයනයට සීමා

(කොළඹ, ලංකාපුවත්) – ධිවර ජනතාවගේ තවත් ඉල්ලීමක් ඉටුකරමින් මත්ස්‍ය ආනයනය සිමා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත.

"මත්ස්‍ය ආනයනයට සීමා"

මන්නාරම ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන එනවා

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරම ප්‍රදේශය ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

"මන්නාරම ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන එනවා"

දේශීය කුළු බඩුවලට මුද්දර ගසයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු වර්ග හතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන ප්‍රතිකාවක් එළැඹෙන පෙබරවාරි 26වැනිදා එළි දැක්වීමට නියමිතය.

"දේශීය කුළු බඩුවලට මුද්දර ගසයි"

ධීවර අමාත්‍යංශයෙන් තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ධිවර කටයුතු සදහා යාත්‍රා පැදවීමේ බලපත්‍ර ලබාගෙන එමගින් නීති විරෝධී කටයුතුවල නිරත වන සියලු ධිවර යාත්‍රා නියමුවන්ට සිය ජිවිත කාලය තුල නැවත යාත්‍රා පැදවිය නොහැකි ලෙස බලපත්‍ර අත් හිටුවීමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇත.

"ධීවර අමාත්‍යංශයෙන් තීරණයක්"

කුළු බඩු නිෂ්පාදකයින් ශක්තිමත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – කුළු බඩු නිෂ්පාදන කණ්ඩායම් ශක්තිමත් කිරීම උදෙසා කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ අගයදාමය සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙයි.

"කුළු බඩු නිෂ්පාදකයින් ශක්තිමත් කිරීමට පියවර"

කෘෂි නවීකරණ ව්‍යාපෘතියක් සඳහා රු.මිලියන 12,000ක්

(කොළඹ, ලංකාපුවත්) – ගොවීන්ට නවීන තාක්ෂණ වගා ක්‍රම හා වෙළෙදපොල හඳුන්වා දෙන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 12,000ක් වෙන්කෙරේ.

"කෘෂි නවීකරණ ව්‍යාපෘතියක් සඳහා රු.මිලියන 12,000ක්"

‘ප්‍රථම සුහුරු ධීවර වරාය‘ ලෙස කලමැටිය වරාය සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ලංකාවේ ප්‍රථම සුහුරු ධීවර වරාය (SMART FISHERY HARBOUR )ලෙස කලමැටිය ධිවර සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කියයි.

"‘ප්‍රථම සුහුරු ධීවර වරාය‘ ලෙස කලමැටිය වරාය සංවර්ධනයට පියවර"

”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – ”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පසුගියදා(16) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී සිදු විය.

"”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්"

වැඩිහිටියන්ගේ ගමන් පහසුවට බස් රථ 50ක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනෙහි පිහිටි සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයක්ම ආවරණය වන පරිද්දෙන් පිහිටුවා ඇති වැඩිහිටි කමිටු වල සාමාජිකයන්ගේ වන්දනා හා විනෝද චාරිකා ඇතුළු වෙනත් ගමන් පහසුකම් වෙනුවෙන් බස් රථ 50 ක් ලබා දීමට වහා කටයුතු කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමති දයා ගමගේ මහතා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය වෙත උපදෙස් දී තිබේ.

"වැඩිහිටියන්ගේ ගමන් පහසුවට බස් රථ 50ක්"