ශ‍්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දීමට සූදානම් – පාකිස්ථාන නාවික හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථානයේ දීර්ඝ කාලීන මිතුරෙකු වන ශ‍්‍රී ලංකාවේ නාවික කටයුතුවලට ඕනෑම අවස්ථාවක පාකිස්ථානයේ සහය ලබාදීමට සූදානමින් සිටින බව පාකිස්ථාන නාවික හමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පොරොන්දු විය.

"ශ‍්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහය දීමට සූදානම් – පාකිස්ථාන නාවික හමුදාපති"

අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – නැවත කිසිකලෙක ගැටුම්කාරී අතීතයකට යාමට ඉඩනොතබන බවට රජය සහතික කර තිබෙන අතර මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සකස් කොට ඇති ප්‍රකාශය අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

"අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රකාශයක්"

ආපදාවන්ට ලක්වුවන්ට කඩිනමින් නිවාස දීමට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්ත්වයෙන් නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉඳිකර දීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

"ආපදාවන්ට ලක්වුවන්ට කඩිනමින් නිවාස දීමට ජනපතිගෙන් උපදෙස්"

දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹෙනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – සුළු වරදවල් සඳහා වැරදිකරුවන් වී නියම වූ දඩමුදල් ගෙවා ගත නොහැකිවීම නිසා බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ඉදිරියේදී ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීම පිළිබඳ අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාරගතවන රැඳවියන් වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹෙනවා – ජනපති"

ගංවතුර හා නායයෑම්වලින් තවමත් 77ක් අතුරුදහන්

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මාසයේ ඇති වූ ගංවතුර හා නාය අනතුරු හේතුවෙන් තවමත් පුද්ගලයින් 77දෙනෙකු අතුරුදහන් බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

"ගංවතුර හා නායයෑම්වලින් තවමත් 77ක් අතුරුදහන්"

හෘද රෝගී පොරොත්තු ලේඛනය අවම කිරිමට වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේ දී හෘද රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන දිවයින පුරා ඉදිකිරීමට බලාපොරොත්තු වන අතරම එමගින් හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"හෘද රෝගී පොරොත්තු ලේඛනය අවම කිරිමට වැඩපිළිවෙළක්"

පාහියංගල නායයාමේ අවදානමක් නැතැයි අධ්‍යයන වාර්තාවෙන් හෙළි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාහියංගල ලෙන නායයාමේ අවදානමක් නොමැති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලු කමිටුව පවසා ඇත. ඉකුත් දිනවල ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ පාහියංගල ලෙන නායයාමේ අවදානමක් ඇති බවට වාර්තා පළ වුණි.

"පාහියංගල නායයාමේ අවදානමක් නැතැයි අධ්‍යයන වාර්තාවෙන් හෙළි වෙයි"

උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සොයා බැලීමට ජනපති යාපනයට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(12) යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

"උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සොයා බැලීමට ජනපති යාපනයට"

සාපෙළ නියමිත දිනට පසු එවන අයදුම්පත් භාර නොගනී – විභාග දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) – 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් (14) අවසන්වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"සාපෙළ නියමිත දිනට පසු එවන අයදුම්පත් භාර නොගනී – විභාග දෙපාර්තමේන්තුව"

‘ශ්‍රී ලංකාවේ ජනතාවට ආපදාවලින් ගැලවෙන්න පුහුණුව ඕනෑ’ – ජපන් කණ්ඩායම කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය පිළිබඳව තාක්ෂණික අධ්‍යයනයක් සඳහා දිවයිනට පැමිණි ජපන් විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත භාර දෙමින් අවධාරණය කර ඇත්තේ ආපදාවලට ලක්වීමේ අවදානම් ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා පුහුණුව ලබා දීම අත්‍යාවශ්‍ය බව ය.

"‘ශ්‍රී ලංකාවේ ජනතාවට ආපදාවලින් ගැලවෙන්න පුහුණුව ඕනෑ’ – ජපන් කණ්ඩායම කියයි"