දිස්ත්‍රික්කයේ සංවර්ධනයට කැපවීම එම දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු අමාත්‍යවරුන්ගේ වගකීමක් – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයට අසාධාරණයක් සිදු නොකර තමන්ට ලැබෙන ප්‍රතිපාදනවලින් එම දිස්ත්‍රික්කයට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කැපවීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම බව ජනාධිපතිතුමා පවසයි.

"දිස්ත්‍රික්කයේ සංවර්ධනයට කැපවීම එම දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු අමාත්‍යවරුන්ගේ වගකීමක් – ජනපති"

හදිසි නීතිය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – හදිසි නීති රේගුලාසි මසකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.

"හදිසි නීතිය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි"

ලංගමට අතිනවීන සුපභෝගි බස්රථ අග්‍රාමාත්‍යතුමා අතින්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය අති නවීන සුඛෝපභෝගී බස්‍ රථවලින් සන්නද්ධ කිරීම ඊයේ සිදුවිය. ඒ අති නවීන සුඛෝපභෝගී බස්රථ 2000ක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ මුල් අදියර ක්‍රියාත්මක කරමින් චීනයෙන් ගෙන් වූ කින්ග් ලෝන්ග් බස්‍ රථ 9ක් ලංගම ඩිපෝ වෙත භාර දෙමිනි.

"ලංගමට අතිනවීන සුපභෝගි බස්රථ අග්‍රාමාත්‍යතුමා අතින්"

මන්නාරම සමූහ මිනීවළ කසළ වළක් වේ

(කොළඹ, ලංකාපුවත්) –මන්නාරමේ සතොස වෙළෙඳ සංකීර්ණය අසලින් හමු වූ සමූහ මිනීවළ මේ වන විට කසළ වළක් බවට පත් වෙමින් පවතී.

"මන්නාරම සමූහ මිනීවළ කසළ වළක් වේ"

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව රෙගුලාසි 2020 සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) –ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව රෙගුලාසි ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

"ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව රෙගුලාසි 2020 සිට ක්‍රියාත්මකයි"

ඉදිරියේදී තොරතුරු තාක්ෂණය මෙරට අපනයන ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) – තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉදිරි වසර 10 ක කාලයක දී ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයට පත් වන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

"ඉදිරියේදී තොරතුරු තාක්ෂණය මෙරට අපනයන ආර්ථිකයේ ප්‍රමුඛස්ථානයට"

මත්ද්‍රව්‍යවලට එරෙහි සටන කිසිදු තර්ජනයක් හමුවේ අත්නොහරින බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – විවිධ චෝදනා සහ විරෝධතා එල්ල කරමින් තමා වැරදිකරුවෙකු ලෙස සමාජයට පෙන්වීමට කුමන ආකාරයේ උත්සාහයන් ක්‍රියාත්මක වුවද රට වෙනුවෙන් කළයුතු කාර්යයන් කිසිසේත් අතපසු නොකරන බව ජනාධිපතිතුමා පවසයි.

"මත්ද්‍රව්‍යවලට එරෙහි සටන කිසිදු තර්ජනයක් හමුවේ අත්නොහරින බව ජනපති කියයි"

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රු. මිලියන 7000ක් වැයකළා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජය විසින් පසුගිය වසර හතරහමාර තුළදි රුපියල් මිලියන හත්දහසක පමණ මුදලක් වැය කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රු. මිලියන 7000ක් වැයකළා – අගමැති"

මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 4කට මරණ දඩුවම දෙන්න ජනපති අත්සන් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් සිව් දෙනෙකුට මරණ දඩුවම ලබාදීම සඳහා තමා අත්සන් තැබූ බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 4කට මරණ දඩුවම දෙන්න ජනපති අත්සන් කරයි"

රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සතියක් ප්‍රකාශ කරයි

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ සතියක් ජූලි 01 වෙනි දින සිට ජුලි 05 වෙනි දින දක්වා ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇත.

"රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සතියක් ප්‍රකාශ කරයි"