(කොළඹ, ලංකාපුවත්) –භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ට කඩිනමින් කොවිඩ්-19 එන්නත දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
"සියලු ආගමික නායකයන්ට කොවිඩ් එන්නත දෙන්න අගමැතිගෙන් උපදෙස්"Category: HIGHLIGHTED

ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රිවරියන්ගේ සංසදය පෙනී සිටියි
(කොළඹ, ලංකාපුවත්) –ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි ධුරයට උසස් කරන ලද බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම සංසදය පක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බවත්, ඇය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වන තෙක් සටන් කරන බවත් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය නිවේදනය කර සිටී.
"ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රිවරියන්ගේ සංසදය පෙනී සිටියි"(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි වසර 04 තුළ ආනයන ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයකට මෙරට කෘෂිකර්මාන්තය යොමුකරන බවත් බෝග 16 ක් මෙරට නිෂ්පාදනය කර ස්වයංපෝෂණය කිරීමට අපේක්ෂිත බවත් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.
"ඉදිරි වසර 04 තුළ නිෂ්පාදන ආර්ථිකයකට මෙරට කෘෂිකර්මාන්තය යොමු කිරීමට පියවර"(කොළඹ, ලංකාපුවත්) – “අපට පසුගාමී විය නොහැක. වේගයෙන් වෙනස් වන සමාජ තත්ත්වයන් මධ්‍යයේ වුවද අනුගත විය හැකි අධ්‍යාපනයක් සිසුන්ට ලබාදිය යුතුයි. එය විශ්වවිද්‍යාල සහ අනිකුත් උසස් අධ්‍යාපන ආයතනවල අවධානයට ලක්විය යුතු සහ දියුණු වියයුතු අංශයක්” යැයි ජනාධිපතිතුමා කියා සිටී.
"ගෝලීය හැලහැප්පීම් සහ පරිවර්තනයන් සමග ශ්‍රී ලංකාව වේගයෙන් අනුගත විය යුතුයි – ජනපති"(කොළඹ, ලංකාපුවත්) – යුද්ධය පවතිද්දිත් රටේ සංවර්ධන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක කළා මෙන් කොවිඩ් වසංගතය හමුවේදිත් රටේ සංවර්ධන කටයුතු කිසි ලෙසකත් නතර නොකර ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
"යුද්ධයකදී නතර නොකළ සංවර්ධනය කොවිඩ් හමුවේ නතර වෙන්නෙ නැහැ – අග්‍රාමාත්‍ය"(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ඉන්දීය නිවාස ඇමැති අමිත් ශාහ් ප්‍රකාශ කර තිබේ.
"භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ නිර්මාණයට පියවර"(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගම, ශ්‍රී ලංකා රජයට PCR යන්ත්‍රයක් හා පරීක්ෂණ කට්ටල 5,000 ක් ප්රදානය කිරීමට ඊයේ කටයුතු කළේ ය. මෙම පරිත්‍යාගයේ මුළු වටිනාකම රු. මිලියන 20 ඉක්මවයි.
"පෝර්ට් සිටි රු.මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් PCR උපකරණ හා පරීක්ෂණ කට්ටල පරිත්‍යාග කරයි"(කොළඹ, ලංකාපුවත්) – එක් දිනයක් තුළදී රටේම විශාල පුරන් කුඔුරු ප්‍රමාණයක් අස්වැද්දීමට කටයුතු කරන බවත් පුරන් කුඔුරු අස්වැද්දීමට කටයුතු කරන පිරිස් සඳහා මෙන්ම අනෙත් වගා කටයුතුවල යෙදෙන තරුණයන් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
"එක් දිනයක් තුළදී රටේම විශාල පුරන් කුඹුරු ප්‍රමාණයක් අස්වැද්දීමට පියවර"(කොළඹ, ලංකාපුවත්) – සිලෝන් කැච් (පුද්) සමාගමේ නව මත්ස්‍ය නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (11) දංකොටුවේ දී විවෘත විය.
"දංකොටුව සිලෝන් කැච් සමාගමේ නව නිෂ්පාදනාගාරය අගමැති විවෘත කරයි"(කොළඹ, ලංකාපුවත්) –දැනට මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 40ක් % ක් පමණක් දේශීය කිරි ගොවිපළවලින් ලබාගන්නා අතර ඉතිරි කිරි ප්‍රමාණය කිරි පිටි සහ දියර වශයෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති නමුත් කිරි සැකසුම් ඉදිරියේදී වර්ධනය කර ශ්‍රී ලංකාවේ පරිභෝජනයෙන් සියයට 80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා සිය රජය සූදානමින් සිටින බව අද (10) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය .
"2024 දී ශ්‍රී ලංකාවේ දියර කිරි අවශ්‍යතාවයෙන් 80% ක් නිෂ්පාදනය රජයේ ඉලක්කයයි"