හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා හානියට පත් වූ දේවස්ථාන ප්‍රතිසංවර්ධනය කිරීමේ කටයුතු නිවාස ඉදිකිරිම් සහ සංසකෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

"හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි"

මුහුදු රළ ඉහළයාම පිළිබද අවවාදාත්මක නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

"මුහුදු රළ ඉහළයාම පිළිබද අවවාදාත්මක නිවේදනයක්"

ජන ජීවිතය යථාතත්ත්වයට ගේන්න සැවොම එක්ව කටයුතු කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය නිසා රටේ විශාල කැළැඹීමක් ඇති වුවත්, දැන් ජන ජීවිතය යථාතත්ත්වයට පත්කරලීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ජන ජීවිතය යථාතත්ත්වයට ගේන්න සැවොම එක්ව කටයුතු කළ යුතුයි"

රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ කොළඹ, අලුත්කඬේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියස දී පැවැත්විණි.

"රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 26 වැනි ගුණ සමරු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්"

NTJ සහ JMI සංවිධාන යටතේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය දේවස්ථාන තහනම් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) සහ ජමාතේ මිල්ලතු ඊබ්‍රහීම් සෙයිලානි (JMI) සංවිධාන යටතේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය දේවස්ථාන තහනම් කිරීමට පියවර ගන්නා බව මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

"NTJ සහ JMI සංවිධාන යටතේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය දේවස්ථාන තහනම් කිරීමට පියවර"

ත්‍රස්තක්‍රියා මර්දනයට නවසීලන්තයේ සහයෝගය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ඉලක්ක කර ගනිමින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සහ සැන්ඩියාගෝ හී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය නවසීලන්ත පාර්ලිමේන්තුවේදී හෙලා දැක තිබේ.

"ත්‍රස්තක්‍රියා මර්දනයට නවසීලන්තයේ සහයෝගය ශ්‍රී ලංකාවට"

විදුලි බලාගාරවල ආරක්ෂාව සහතික කිරීමට ආරක්ෂක අංශ වලට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ මේ වනවිට උද්ගතවී ඇති වාතාවරණය හමුවේ විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත සියළුම අංශයන්ට ලබාදී තිබූ ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ඇතැයි විදුලිබල අමාත්‍යංශය සදහන් කරයි.

"විදුලි බලාගාරවල ආරක්ෂාව සහතික කිරීමට ආරක්ෂක අංශ වලට උපදෙස්"

සමාජ මාධ්‍ය තහනම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –මෙතක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට තිබූ බාධා ඉවත් කරන ලෙස ජනපතිගෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

"සමාජ මාධ්‍ය තහනම ඉවතට"

සමස්ත ආරක්ෂක පද්ධතියේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් අලුතෙන්ම එල්ල වී ඇති තර්ජනයට මුහුණ දීමට රටේ සමස්ත ආරක්ෂක පද්ධතියේම ප්‍රතිසංවිධාන සිදු කිරීමට සිදු වී ඇතැයි රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(29) පැවැසීය.

"සමස්ත ආරක්ෂක පද්ධතියේ ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි – ජනපති"

පාස්කු ඉරිදා පිපිරීම් විමර්ශන කොමිසම ගැන අගරඳගුරුගෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා පිපිරීම් සිද්ධිය හා ඊට පසු සිද්ධීන් සම්බන්ධයෙන් පත් කරන කොමිසම් සභාව ආගමික නායකයින්ගේ ද අනුදැනුම අනූව කඩිනමින් පත්කර ඉදිරි උත්සව සමයට පෙර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉල්ලීමක් කර තිබේ.

"පාස්කු ඉරිදා පිපිරීම් විමර්ශන කොමිසම ගැන අගරඳගුරුගෙන් ඉල්ලීමක්"