බිලියන 1735ක මුදල් වෙන් කෙරෙන අතුරු සම්මත ගිණුමට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – 2019 මුල් මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735ක මුදල් වෙන් කිරීමේ, අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

"බිලියන 1735ක මුදල් වෙන් කෙරෙන අතුරු සම්මත ගිණුමට අනුමැතිය"

ධීවර ගැටළු කඩිනමින් විසදන්නැයි අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ධීවර ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (27) උපදෙස් ලබා දුන්නේය.

"ධීවර ගැටළු කඩිනමින් විසදන්නැයි අගමැතිගෙන් උපදෙස්"

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට එයි

(කොළඹ, ලංකාපුවත්) –ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

"ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරණයට එයි"

අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ප‍්‍රබල සමාජ අභියෝගයන්ව පවතින අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සදහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

"අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා දැඩි නීති රීති සමග කඩිනම් වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්"

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ ජාත්‍යන්තර සමුළුව ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස් වන ජාත්‍යන්තර සමුථවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.

"අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ ජාත්‍යන්තර සමුළුව ඇරඹේ"

පාතාලය මර්දනය වෙනුවෙන් දැඩි තීන්දු

(කොළඹ, ලංකාපුවත්) –පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අද තිබෙන තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙන එමින් ඉහළ ප‍්‍රමිතියකින් යුත්, කාර්යක්ෂම, මහජන හිතකාමී ප‍්‍රශස්ත සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

"පාතාලය මර්දනය වෙනුවෙන් දැඩි තීන්දු"

කොට්ටාවේ දී පාතාල සාමාජිකයන් දෙනෛක් වෙඩි කා මරුට

(කොළඹ, ලංකාපුවත්) –කොට්ටාව පොලිස් වසමේ රුක්මල්ගම පාර අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යට දී පොලිස් විශේෂ බලකා නිලධාරී කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදුවූ වෙඩි හුවමාරුවකින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

"කොට්ටාවේ දී පාතාල සාමාජිකයන් දෙනෛක් වෙඩි කා මරුට"

ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ගේ විශ‍්‍රාම ගැනීමේ ගැටලුවට විසඳුමක් අවශ්‍යයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – දැනුම, අවබෝධය, සහ අසීමිත අත්දැකීම් සමුදායක් සමග පරිපූර්ණ මිනිසෙකු ලෙස රටට සේවය කළ හැකි ජීවිතයේ හොඳම කාලය තුළ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් විශ‍්‍රාම ගැනීම පිළිබඳ ගැටලුවට යම් විසඳුමක් අවශ්‍ය අතර, ති‍්‍රවිධ හමුදාව තුළින්ම ඉදිරිපත්වන යෝජනා මගින් ඊට සුදුසු විසඳුම් ලබාදීමට සේනාධිනායකයා ලෙස තමා සූදානම් බව ජනාධිපතිතුමා පවසයි.

"ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ගේ විශ‍්‍රාම ගැනීමේ ගැටලුවට විසඳුමක් අවශ්‍යයි – ජනපති"

හෙටත් පාර්ලිමේන්තු ගැලරිය වැසේ

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව රැස්වන හෙට (27) දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණය වී තිබෙන බව වේත්‍රධාරීවරයා සදහන් කරයි.

"හෙටත් පාර්ලිමේන්තු ගැලරිය වැසේ"

ජනපති මට ආරාධනා කළේ රට ගොඩනඟන්නයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –යහපාලන ආණ්ඩුව මේ රට අවුරුදු තුනහමාරක් පාලනය කරද්දි රට හැම ‍ක්ෂේත්‍රයකින්ම අගාධයට ගිය බව ජනාධිපතිතුමාට පෙනී ගිය බවත්, එයින් රට ගොඩගැනීමට පුළුවන් තමන්ට බව එතුමාට අවබෝධ වූ බවත් ඒ අනුව ජනාධිපති තුමා තමන්ට රට බාර ගැනීමට ඇරියුම් කළ බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

"ජනපති මට ආරාධනා කළේ රට ගොඩනඟන්නයි – අගමැති"